"අදුර වෙලා සද කැන් වැටි වෙලාවක
ගිමන් නිවා සුරතට ගත් මදුවිතක
සෙමින් සෙමින් වාරු නැතිව ගිය කලක
ඇයත් හිදී මතකයෙ තනි මුලාවක...
පහන් එලිය ලාවට ඇති මාවතක
හේත්තු වී කණුවට හිදි තලාවක
නුඹත් ඔහුත් මාවතෙ ගිය වෙලාවක
මමත් හිටිය පසෙකට වී නුඹ ලගම...
සිතක සුසුම් ඉගිලෙනු දැක අහස දිග
නුබේ වතින් නැගුනු සුවද නැති සදක
පාළු වෙලා ගිය සොහොනක සිරිය දෙන
මගේ හිතත් ඒ වාගෙයි පාළුවුන...
හිතක තනිය මකාගන්න නුඹ නැතිව
පෙම් කරනෙමි අතේ රැදුනු දුම් ගොඩට
විටින් විටේ නැගෙන දුමේ වළාවේ
මැවේ නුඹත් සිතුවම් වූ කලාවේ..."
-ස ජී -
(ස ජි ත් ම දු රං ග)
No comments:
Post a Comment