Friday, March 21, 2014

"හරි ආදරයෙන් මා ලග ඉන්න...

  "වෙනද වගේම හවස් වෙලා වැඩ ඇරිල බෝඩිමට යන්න කියල හිතාගෙන 
පාරට ආවෙ 138 බස් එකක් අල්ලගන්න...කරේ තිබුනු බෑග් එකත් එල්ලගෙන
මං බස් හෝල්ට් එකෙ ටිකක් එහාට ගිහින් පාරෙ අයිනෙ තිබුනු ලයිට් කණුවට
හේත්තු උනා...

තාම 9.00 ට විතර ඇති කියල හිතුනා..නිකමට වගේ අතේ තිබුනු ඔරලෝසුව දිහා
බැළුවෙ මගෙ හිත හරිද කියල බලාගන්න..වෙලාව හරියටම 9.05 යි...අද බස්
හෝල්ට් එකේ සෙනග අඩුයි ටිකක්...සෙනසුරාදා දවසක් නිසා වෙන්නැති කියල
මට හිතුනා...

ඈතින් එන හෝමාගම බස් එකට අත දැම්මෙ අදවත් කලින් ඕනි නිසා..හයියෙන්
බ්‍රේක් පාරක් ගහගෙන නවත්තපු බස් එකට මං ගොඩවුනා..එච්චර සෙනග 
හිටියෙ නැති නිසා ජනේලයක් ගාව ඉද ගත්තෙ මහරගමට ටිකට් එකක් 
ඉල්ලගෙන..ටවුන්හෝල් පහුවෙද්දි ඇගේ තිබුනු මහන්සියට මට නින්ද ගියා...

"නුගේගොඩ බහින්න...
එකපාරටම මට ඇහැරුනේ කොන්දොස්තර මල්ලි කෑගහනවා ඇහිල..
හොදටම නින්ද ගිහින් මට..නුගේගොඩටත් ඇවිත්....මට එහා පැත්තෙ 
කව්ද ඉදගෙන හිටියා..කව්ද ගැහැණු ලමයෙක්...

මං පොඩ්ඩක් එයා දිහා බැළුවා....දෙයියනේ....මේ..මේ..නෙතු..මට කියවුනා..
"නෙතූ.............ඒ හිටියෙ නෙතු......"

මං ගල් ගැහිල වගේ එය දිහා බලන් ඉද්දි එයා එකපාරටම සිට් එකට මූණ ඔබාගෙන
අඩන්න ගත්තා...මගෙත් ඇස් තාම අදහ ගන්න බෑ...මේ ඉන්නෙ නෙතූමයි
කියලා...

නෙතූ....."නෙතුමි හිමංසා" මේ මං මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරපු නම් දෙක..
මං තරම් ඒ ඇස් දෙකට ආදරේ කරපු තවත් කෙනෙක් නැති තරම්...නෙතූ තාම
මොනවත් හිතාගන්න බැරි පොඩි එකා වගේ අඩනවා..මගෙත් ඇස් දෙකම 
බොදවෙලා...

මං හිමීට නෙතුගේ ඔළුවට අත තිබ්බා..එයා එකපාරටම හැරිල මං දිහා බලාගෙන
මගෙ අත මූණ තියාගෙන අඩන්න ගත්තා...මං හිමීට නෙතූ තුරුල් කරගත්තෙ
හැමදාම මගෙ කරගන්න බලාගෙන හිටිය ඒ උණුසුම මොහොතකට හරි ආයෙත්
විදින්න ඕනි නිසයි...

"හරි ආදරයෙන් මා ලග ඉන්න
 මට බැරි නෑ හිරිහැර විදගන්න
 මට හිනාවෙන්න වීරිය දෙන්න
 අර ඉස්සර වාගෙම මට ඉන්න...."

නෙතූගෙයි මගෙයි ආදරේ අවුරුදු හතරක් පුරාවට තිබුනා..එකපාරටම එයාගෙයි
මගෙයි ආදරේට කණකොකා හැඩුවෙ නෙතූගෙ ගෙදර අය මට අකමැති වුනු නිසයි..
අන්තිමේදි අපෙ ආදරේට සමුදීලා අපි දෙන්නට වෙන්වෙන්න වුනේ සංසාරෙ කරපු
මහ පව්කාරකමකට කියල හිතුනා..

මැරෙන්න හිතුනු වාර ගණන් අනන්තයි..ඒත් මගෙ අහිංසක අම්මව දාල යන්න බැරි
නිසා උහුලගෙන ඉන්නවා තවත්...නෙතූට ගෙදරින් කෙනෙක් හොයල දීලා...
ඊට පස්සෙ එයා මාව හමුවෙන්නවත් කතාකරන්නවත් ආවෙ නැහැ..

අඩුම ගානෙ call එකක්වත් දුන්නෙ නෑ....එයාට එහෙම කරන්න බැරි බව මං 
දන්නවා...එයා ඒවා කොච්චරක් අමාරුවෙන් උහුලගෙන හිටියද කියල මං 
දන්නවා....

"නුඹ නිතර සිඹින මේ ඉහ මතට
 ඇයි මහාමෙරක් තැබුවේ මෙහෙම
 දුක දැනෙන ඇඩෙන මේ ඇස් දෙකට
 ආදරේ කීවෙ ඇත්තට නොවෙද....?

මේ ගෙවුනු කාලෙ මං හිනාවුනු දවස් වලට වඩා අඩපු දවස් ගොඩාක් වැඩියි...
ඒ හැම දවසකටම මගෙ ලග හිටියෙ මගෙ හිතේ පාළුව විතරයි...නෙතූ ලගදිම
බදින්න යනවා කියල දැනගත්තෙ දවසෙ ඉදන් මං හිටියෙ පිච්චිලා වගේ....
මං දන්නවා නෙතූ කවදාවත් මට ඒ මොහොත කියන්නෙ නෑ කියල...ඒත් 
අහම්බෙන් හරි ඒක දකින්න වුනොත් මට එදාට නම් ඉන්න බැහැ කියල මට 
තේරෙනවා....

නෙතූ තාමත් මට තුරුල් වෙලා අඩනවා හොදටම...මගෙ ශර්ට් එක එයාගෙ කදුළු
වලටම තෙමිල ගිහින්....මං නෙතූගෙ ඔළුවට අත තියලා එයාව මගෙ පැත්තට 
හරව ගත්තා...කදුළු වලින් පෙගිච්ච ඇස් දෙකෙ රතු වෙලා....මං හෙමීට මගෙ අත්
දෙකින් එයාගෙ කදුළු පිහදලා දැම්මා...

"අඩන්න එපා මැණික....මං එයාගෙ නලලට හෙමින් කිස් එකක් දීලා මං යන්නම්
මැණික කියල සීට් එකෙන් නැගිට්ටෙ මගෙ ඇස් අග දග කරන කදුළු බිංදු තවත්
උහුලගෙන ඉන්න බැරි තැනමයි.....ඒවා කොයි වෙලාවෙ හරි කඩන් වැටෙනවා
මං දන්නවා...ඒ මගෙ පපුවෙ ඇවිලෙන ගින්දර.....

මං බස් එකෙන් බැහැල නෙතූ දිහා බලන් හිටියෙ අන්තිම වතාවට මගෙ ජීවිතේ
මං ආදරේ කරපු ඒ ඇස් දෙක බලන්න ඕනි නිසා...එයා බස් එකේ ජනේලෙට 
ඔළුව තියාගෙන කදුළු පුරෝගෙන මගෙ දිහා බලාගෙන ඉන්නවා....බස් එක
යන්න යනවා හෙමින්....මෙච්චර වෙලා මගෙ ඇස් අස්සෙ දග කරපු කදුළු කැට
සිලි සිලි ගගා බිමට වැටුනෙ මටවත් නොදැනීමයි.....

"දෙවිවරුන් පවා මියැදෙන වතක
 මට පුදුමත් නෑ මගෙ මේ කදුළ
 නුඹ සුළග ඉතින් මා හැර යන්න
 ආදරයක දුක් මට උහුලන්න....."


 ......නිමි.....

 - ස ජි ත්  ම දු රං ග -
(සජී)

No comments:

Post a Comment