"අර පේන සද මඩල
නුබ හටත් පේනවද
ඒ සදේ මං එව්ව
පණිවිඩය ලැබුනාද...
ගැබ්බරව මාසයක්
ඈට හරියටම ගෙවිල
තරු පැටව් වටකරන්
නිදි සුවය විදිනවා...
මං ඇවිත් ඒ සදෙන්
නුඹ ගැනත් අසනවා
ගතු කියන හිරු කුමරු
විටින් විට රවනවා...
ඒ සදේ එලිය ගෙන
නුබ වෙතට එවනවා
සද කිරණ ලග ඉදන්
නුබේ තතු සොයනවා...."
- කවිකාරයා -
No comments:
Post a Comment