ඉතිරි වෙච්ච ඉරේ අන්තිව අව් රැල්ලත් මැකිල ගියාට පස්සෙ හෙමි හෙමින් අදුරක් ඇවිත් මහකණදරාවම වෙලා ගත්තෙ ක්ෂණයකින්..ඒත් එක්කම ඈත අහසින් සද පායාගෙන ආවා..පුර පෝය ගෙවිල එතරම් දවසක් නැති හින්දමද මන්දා සද මුළුමනින්ම පායලා...සද කිරණ වැව් තලේට වැටුනා..වැව් දිය මත්තෙ සද කිරණ ලස්සනට හිනාවෙනවා..
ඒත් මගෙ හිත ඒ ලස්සන බලන්න සූදානම් නැහැ..මගෙ හිත පුරාම ඔයාගෙ සදක් වැනි රුව ඇදිල හදවතේ ගැස්මත් එක්කම මැකිල යනවා..ඔයා මගෙ හිතම පාළු කරල ගියාට පස්සෙ මට තවත් ලස්සනක් දකින්න ඕනි නැහැ කියල හිතුනා..වැව් ඉවුරෙ කෙකටියා මල් වලින් එන සුවදටවත් බැරි උනා ඔයාගෙ සුවද මගෙ හදවතින් උදුර ගන්න...
මේ මහකණදරා වැවේ වතුර තරමට මන් ඔයාට ආදරේ කලත් ඔයාට ඒක එක මොහොතකදි වැහි බිංදුවක් වගේ උනාම මන් කෝමද තවත් මේ වැව තරම් ඉතිරි වෙච්ච දුක් කන්දරාව උහුලගෙන සතුටින් ඉන්නෙ..ආයෙත් සතුටින් හිනාවෙලා වැව දිහා බලාගෙන ඉස්සර වගේ දාහක් බලාපොරොත්තු ගොඩ ගහන්නෙ කෝමද...
මට ආසයි ආයෙමත් අපි දෙන්නගෙ අතීතෙට යන්න...එදා වගේම වැව් ඉවුරෙ ගහක් යට වෙලා වැව දිහා බලාගෙන හුගාක් වෙලා ඉන්න..වැවට බැහැල නෙළුම් මල් කඩන් ඇවිත් කන්දෙ පන්සලට ගිහින් පූජා කරන්න..හැන්දෑවට මේ වගේම සද පායපු වෙලාවක ඔයාගෙ උරහිසට හිස තියාගෙන ඔයාගෙ මුදු සුවද විදින්න ආයෙමත් තියේනම්..එහෙනම් එදාට මේ සද, මේ වැව අපට ආයෙත් සුන්දර විදිහට හිනාවේවි නේද....?
"ඔබ නැති මේ රැයට
පුර සද එලිය කුමටද
ඔබ නැති මේ බිමට
නළමුදු සුවද කුමටද...
මහකණදරා වැවට සද වැටිලා
දියේ ගිලේවි විකල් වී
තුරු හිස හාදු දිදී උන් පෙරඋන්
කොහේ ගිහින්ද ඉගිල්ලී...
හමුවී ඇසට ඇසක් නැගු පහන්
නිවී ගියාද නොකල්හී
සුන්දර රාත්‍රියම මවෙත සිතින්
බලා හිදීවි නොසෙල්වී..."
-ස ජී-
(ස ජි ත් ම දු රං ග)
No comments:
Post a Comment