“වැහි පාට
මන්දාරමකින් අහස වෙලාගෙන හිටපු උදේ වරුවක ලෙක්චර් එක ඉවරවෙලා හෝල් එකෙන්
එලියට ආවාම තමයි දැක්කෙ උදේ ඉදන් අමනාප වෙලා හිටපු අහස අඩන්න අරන් වග.එක
දෙක වැටෙන වැහි කුඩු මගෙ සියොලගම දැවටෙද්දි මන් ඉක්මනට කොරිඩෝවෙ නොතෙමෙන තැනකට දිව්වා…
එන්න එන්නම රළු කරන වැස්ස දිහා බලාගෙන මන් මටම දොස් තියාගත්තා…ඒ මගෙ තිබුනු කම්මැලිකමට.අතට අරන් ආපහු තියල ආපු කුඩේ දැන් මට හිනැහෙනවා ඇති හොදටෝම…
මට එහා පැත්තෙ ලස්ස්න කුරුළු ජෝඩුවක් හිටියා..ම්ම්ම් වැහි සීතලට එක කුඩයක් යටට වෙලා හීතලට ගුලි වෙලා ඉන්න අපූරුව…හ්ම්ම්ම් මන් හොරැහින්ම ඔවුන්ගෙ ප්‍රේමාන්විත ඉසව්වට කන් දීගෙනම උන්නෙ හරි ආසාවකින්.ගතුවක් කියන්න නොහිතුනා නෙවේ…ඔයාලට මන් මේ කියන්නෙ ඒ ගතුවයි..හරි ආදරෙන් පපුවට තුරුල් වෙලා ඉන්න හැටි දැක්කාම හීල්ලුනා මටත්…
කුරුල්ලා රහසේම වටපිට බලලා කිරිල්ලියගෙ කම්මුලක් සිප ගත්තා..එක පාරටම ලැජ්ජාවට වගේ නෙතු උස්සලා බලලා තවත් පපුවට තුරුලු උනා..හ්ම්ම්ම්…වැස්සත් ටිකෙන් ටිකේ පායාගෙන එනවා..ඒත් තාම හිරිකඩ කඩන් වැටෙනවා…යන්දෝ නොයම්දෝ කියල කල්පනා කර කරම මන් ලතැවෙනවා..
අර කුරුළු ජෝඩුවත් යන්නද කොහෙදෝ හදන්නෙ..ඔවුන් අත තිබුනු එකම එක කුඩේ යටට තුරුල් වෙලා එලියට බැස්සා…එයාලට ටික දුරක් යන්න ඇරලා මාත් එලියට බැස්සෙ හිරිකඩට මූණ හරවගෙනමයි..
මන් ඉදිරියෙ යාර ගානක් දුරින් අර ජෝඩුව තුරුළු වෙලා යන අපූරුව..මටත් මගෙ අතීතෙ මතකෙට ආවා..ආයෙමත් ඉකිගහන අතීතෙ ගොඩදාන්න මන් කැමති උනේ නැහැ..ඒත් යටි හිතේ පෙළ ගැහිල තිබුනු ඒ සොදුරු දවස් මගෙ ඉස්සරහ ආයෙමත් සිතුවම් උනා..
“පැටියෝ…අපි දැන් යමුද..වැස්ස ටිකක් පායලා…”හීතලට මගෙ පපුවෙ ගුලි වෙලා උන්නු එයාගෙන මන් අහද්දි නැතු උස්සලා බලල හා කියන්න වගේ ඔළුව වැනුවා…මන් එයා එක්ක අත තිබුනු එකම එක කුඩේ යටින් පාරට ආවා..
“ම්ම්ම්ම්…මාව තෙමෙනවා පැටියෝ…මෙහෙට කරන්නකො චුට්ටක්….”
“ආ…මට බැහැ එතකොට මන් තෙමෙනවනෙ…”
“අනේ….කෝ චුට්ටක්...
"ම්ම්ම් ආ මැණික..මන් හෙමීට වට පිට බලල එයාගෙ කම්මුලට හාදුවක් තිබ්බා...කවුරුවත් බලන් හිටියත් කමක් නෑ කියල මට හිතුනා...
හෙමින් සැරේ මතක එක දෙක මතක් වෙද්දි මටත් නොදැනීම මන් ගොඩාක් දුර ඇවිත්...මට ඉස්සරහින් ගියපු කුරුළු ජෝඩුව ඈතින් යනවා දැක්කා..
මට ආයෙත් ඉස්සර වගේ එයා එක්ක මේ වගේ වැස්සෙ යන්න තියේනම්..හිරිකඩ ගහන වැහි හුලන් මැද්දෙ හීතලට තුරුළු වෙලා ඉන්න අනේ මට ආයෙත් යන්න තිබුනනම්....

"මංදාරම් අදුර මැදින්
හිරිකඩ වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්...ඔබ සිටියා නම්...
තනියමවත් යන්නට මදි
කුඩේ යටින් නුබේ ලගින්
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුනා..යන්නට තිබුනා...
මග යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා
කොපුලේ වැහි බිදුවක රස
බලන්න තිබුනා..බලන්න තිබුනා..."
-ස ජී-
No comments:
Post a Comment