Friday, March 21, 2014

"මේ තරම් ආදරේ....



"සුදු මහත්තයෝ.....

 "ම්ම්ම්...ඇයි මැණික..

 "මෙච්චරටම ආදරේ ඇයි මගෙ සුදු මහත්තයෝ..."
 කියන්න මේ තරමට...?

 "ම්ම්ම්ම්....මගෙ මුළු ලෝකෙම ඔයා කොට
ඉතිං මං වෙන කාට මෙච්චර ආදරේ දෙන්නද මැණික...."

 "එහෙනම් පොරොන්දුවක් වෙන්න..."

 "මොකද්ද මැණික...?

 "කවදාවත්....කවමදාවත් මගෙ හිත රිද්දන්නෙ නෑ කියලා...."

 "කවදාවත් නෑ මැණික...කවමදාවත් මගෙ සුදු මැණිකගෙ හිත
රිද්දන්නෙ නෑ මං....."

 
"ආදරේ මහගොඩක්
 හිත තියන් මහමෙරක්
 හිත අස්සෙ නුබ තියන්
 ඉන්නෙ හරි ආදරෙන්....

 හැමදාම උහුලමින්
 මේ තරම් සෙනෙහසක්
 මගෙ ලෝකෙ නවතිමින්
 නුඹ ඉන්න ආදරෙන්....

 මගෙ හීනෙ අග පිරුනු
 නුඹෙ සිනහ මල් පොකුරු
 සරා සද කිරණ විත්
 වැටෙයි බිම තරු කැකුළු..

 සේපාලිකා මල් කැකුළු
 පිපෙන රෑ මුතු අහුරු
 ඇහිදින්න එනවාද
 මගේ සුදු මැණික නෙතු...."

- ස ජි ත්  ම දු රං ග -

No comments:

Post a Comment