Tuesday, March 11, 2014

"කවදාක නුඹ එන්නෙ කියා අසනවා සිතී- නුඹ ගියපු මග දිගේ මං බලාගෙන ඇතී...."

"පාළු හිත අරා නැගෙයි සදවත
තනිව මා හිදිමි කව්ළුව අසල
නැතිව උණුසුම නුබේ අද
විදිමි වේදනා හිරිවැටෙන පපුතුරක...

නුඹ එක්ක මා ඇවිදි පාළු මාවත් දිගේ
අසයි නුබේ වග තවත් මා ගැනත් ජීවිතේ
මල් පිපෙන තුරු ගොමුත් මළානික කම් මැවේ
අසා නැති වග අඩයි හොදටෝම ඉකි ගැසේ...

මට එන්න බැරි උනත් නුඹ ලගින් සරසවි
පෙර කරපු කරුමයකට මගේ දිවි තියෙනතුරු
නුඹ ගොසින් හුගක් කල් මම හිදී තැවි තැවී
මට අහිමි කුසුම අද වෙනෙකෙකුට හිමි...

තාම මගෙ හදවතේ මුදු ස්වරය ඇහෙනවද
ඉද හිටත් පාළු දුක නුඹ හටත් දැනෙනවද
ඔහු තුරුලෙ හැමදාම නුඹ ගොසින් ඉන්නවද
මා ගැනත් ඉදහිටත් මතකයට නැගෙනවද...

ඔහු තුරුලෙ හැමදාම මල් පාරෙ යනව ඇති
නුබ නැතත් මා තනිව තවම තැවෙනවා නිති
කවදාක නුඹ එන්නෙ කියා අසනවා සිතී
නුඹ ගියපු මග දිගේ මං බලාගෙන ඇතී...."


- ක වි කා ර යා -
 

No comments:

Post a Comment