"මං හොරෙක්...
"මං හොරෙක්....
ඔව් මම ඔයාගෙ හිත හොරකම් කරනවා...
"ඉඩ දෙනවද මට
හොරකම් කරන්නට
නුබේ හිත..මා ලගට...
ටිකක් ඉනු ඔහොමම
තව ටික වෙලාවයි
හොරෙන් පනින්නට
නුබේ හිත මතට...
කෑ ගසා එපා හඩන්න
මා සොරෙකු කියමින්
එපා කාටත් කියන්න
මා සොරකම් කල වග
නුබේ හිත...
බැරිවෙලාවත් ඔයා
කෑ ගැහුවොත්,,,
මිනිස්සු කියාවි එතකොට
මං හොරකම් කලේ
නුබේ හිත විතරක්
නෙවෙයි කියලා...
- ස ජි ත් ම දු රං ග -
(සජී)
No comments:
Post a Comment