"කවිකාර සුළගට අසුවී ගසාගෙන යන කවිකාරයාගේ ආදරණීය කවි පද වැල්... Walking away from you...
Wednesday, April 2, 2014
""නුගේගොඩ ඇත වෙනස් වී.....
"මං 138 බස් එකෙන් බැහැල බස් හෝල්ට් එකට මෙහායින් තියෙන
පේව්මන්ට් එකට වෙලා බලාගෙන හිටිය...එක දිගට ගුවන් පාලම දිගින් එන 138 බස් පෝලිමට
හෝල්ට් එක ලග නවත්තනවා...ඒවාගෙන් බහින මිනිස්සු අස්සෙ මං නිකමට වගේ ඇස්
යොමල බැළුවෙ එයා නිකමටවත් ඉන්නවද කියල...
කාලය කොච්චර ගෙවිල ගියත් මතකය නම් තාමත් අලුත්..ඈතින් මහ සද්දෙට හෝන් එක ගහන්
ආපු බස් එකක් දූවිල්ලත් අවුස්සගෙන හෝල්ට් එක මැද නැවැත්තුවා..මං බලන් හිටියෙ
බස් එකෙන් බහින සෙනග දිහා..
එකපාරටම මගේ ඇස් පුදුම උනේ බස් එකෙන් බැහැපු එයා නිසා... ඒ එයා කියල මගෙ හිත
කොච්චර කීවත් මගෙ ඇස් දන්නවා ඒ එයා නෙවේ කියල..හෙමින් සැරේ බස් එකෙන් බැහැපු
එයා මං හිටපු තැනට ආවා...
"excus me...plz මට කියනවද හොරණ බස් මෙතන නවත්තනවද කියල..එකපාරටම එයා අහපු
දේටවත් උත්තරයක් දීගන්න බැරිව මං එයා දිහා බලාගෙන ඉන්නවා..
ඒ ඇස් එයාගෙ ඒවා වගේමයි..මට පුදුමයි...එයා ආයෙත් මගෙන් කලින් ප්‍රශ්නෙම
අහද්දි මං පියවි ලෝකෙට ආවා...
"මොකද්ද ඔයා ඇහුවෙ...මං ඇහුවා...
"මට කියනවද මෙතන හොරණ බස් නවත්තනවද කියල....එයා තුන්වන වතාවටත් මගෙන්
ඇහුවා..
"ආ ඔව්...හොරණ බස් මෙතන නවත්තනවා..ඔයාට මෙතනින් හොරණට යන්න ඉංගිරිය බස්
එකක් ගන්නත් පුළුවන්..මං කියාගෙන ගියා...එයා තැන්‍කියු කියල ටිකක් එහාට ගියා...
"නුගේගොඩ ඇත වෙනස් වී
මගේ මතකය තිගැස්සී
ඔබේ මුහුනම මතක් වී
යන්න බෑ මට හවස් වී..."
ඉස්සර මං ඔයා එනකම් බෝ සෙවන යට හිටියෙ ගොඩාක් වෙලාවට..ඔයා ඇවිත් මට කතා
කරනකම් මං බෝ සමිදු දිහා ගොඩාක් වෙලා බලාගෙන ඉන්නවා..ඒ ගෙවිච්ච කාලය අස්සෙ
තිබුනෙ ගොඩාක් සුන්දර මතකයන් පෙලක්...ඔයා එක්ක ආයෙත් යන්න හිතුවත් ඒ අතීතෙට
යන්න බැහැ..
"බෝ සෙවන ලග බලා උන්නත්
ඔයා ආයෙත් එන්නේ නෑ
හමුවුනත් අපි වැරදිලාවත්
අපිට අපි ගැන මතක නෑ...."
අපි ආයෙත් හමුවුනත් ඇත්ත ජීවිතේ තියෙන බාධක මැද අපිට එකතු වෙන්න බැරි බව
ඔයත් මමත් හොදටම දන්නවා..කැම්පස් එකෙන් එහාට ගෙවිච්ච ජීවිතේ ලග ඔයයි මායි
කොච්චරක් ලං වෙලා හිටියත් ඒ මිහිරි මතකය ආයෙත් මතක් කරන්න හිතෙන්නෙ නැත්තෙ
කොච්චර මතක් කලත් ඒ මතකය දුක්බර නිසා...ආයෙ කවදාවත් මූණට මූණ හම්බුනත්
අපි කතා නොකර ඉමු..නොදැක්කා වගේ අහක බලන් යමු..මොකද මට බෑ ආයෙත්
ඒ අතීතෙ මතක් කරල අඩන්න...
"සරසවියෙ අපි රැදී උන්නත්
මිහිරි මතකය මතක නෑ
කියන්නෑ මං ඔයා ගැන යලි
කියල මට දැන් වැඩක් නෑ...."
- ස ජී -
(ස ජි ත් ම දු රං ග)
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment