"ඔබ එදානම් සද වගේමයි...part 01
"මංදාරම් පිණී පොදක් අස්සෙම අශිනි මං ගාවට ආවෙ හංසිත් එක්කයි..
මට එයාව හම්බෙන්න කීවාම එයා වෙනද කියන දේම කියල මාව මග අරින්න හැදුවා..
"අශිනිගෙන් කව්දෝ කොල්ලෙක් යාළුවෙන්න ඇහුවා මේ ලගදි..මාත් එක්ක කීවා.ඔයාට කියන්න එපා කියල.."
ලගදි දවසක හංසි මාත් එක්ක කැන්ටින් එකේදි හම්බෙලා කීව කතාව මතක් උනා..අශිනියි මායි යාළුවෙලා දැනට අවුරුදු දෙකක්..ඒ අවුරුදු දෙකට කොච්චරක් නම් දේ උනාද..ලගදි ඉදන් අපේ පවුලෙ ප්‍රශ්නයක් ඇදල අරගෙන එයා මා එක්ක තරහ වුනා..ඊට පස්සෙ ටිකෙන් ටිකේ වෙන් වෙන්න හදනවා වගේ මට දැනුනා...
මට දරාගන්නම බැරි හේතුව උනේ අශිනි අපේ දුප්පත්කම උඩින් තියල මාව මග අරින එක...මං ගොඩාක් දුප්පත්..එයා අපෙ ගෙදර පවා ඇවිත් තියෙනවා..මගෙ දුප්පත් අම්මට මං මොනවද දෙයියනේ කියන්නෙ..
"කෝ පුතේ අශිනි දුව...?දැන් ඒ ළමය වැඩිය කතා බහ කරන්නෙ නෑ නේද මයෙ පුතේ...අම්මා එහෙම ලගදි දවසක ඇහුවා..මං මොනා කියල කියන්නද අම්මට...
"අසොල්..මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න..ප්ලීස් ඔයා මාව තේරුම් ගන්න..තවත් මට කරදර කරන්න එපා.."
මං දන්නවා ඔයා මට ගොඩාක් ආදරේ කරා කියල..ඒත් මට වඩා හොද කෙනෙක් ඔයාට හම්බෙයි...ප්ලීස් මාව අමතක කරන්න...
අශිනි කියවගෙන කියවගෙන ගියා...මං එක පාරටම එයාගෙ අතින් අල්ලා ගත්තා...
"අශිනි මං ආදරේ කරා විතරක් නෙවේ..තවත් ආදරේ කරනවා..ඒක වෙනස් වෙන්නෙ නෑ..."
මගෙ හිතේ කියන්න තිබුනු සේරම මට වචන වලට හරව ගන්න හම්බුනේ එච්චරයි..කොහෙන්දෝ ආපු සීතල හුළගකුත් එක්ක මගෙ ඇස් අග මෙච්චර වෙලා දග කර කර හිටපු කදුළු බිංදු දෙක තුනක් සිලි සිලි ගගා බිමට වැටුනා..
මං දකුණූ සාක්කුවට අත දාලා ලේන්සුව අරන් ඒවා පිහද ගත්තෙ මගෙ කදුළු මට මිසක් ලෝකෙට නොවන බව දන්න නිසා...
ජීවිතේම අඩපු නැති මට මේ විදිහට අඩන්න පුරුදු කලේ අශිනි..කවදාවත්ම දුකක් නොදැනුන මේ හිතට දැනුන තරම් දුකක් දැනුනෙ අශිනි හන්දා...
"ඔබ එදා නම් සද වගේමයි
ඔබ මෙදා හිරු වී මා දවයි
ඔබ මගේ යැයි තව මට සිතෙයි
ඔබ දමා යන්නට හිත කියයි..."
මට අශිනි හම්බුනේ කැම්පස් එකේ තිබුනු කල්චර් ශෝ එකේදි..මං එකේ සිංදු කීවා...ඒකට අශිනිත් ඇවිත් හිටියා..එයා මෙඩිකල් ෆැකල්ටි එකේ මං මැනේජ්මන්ට් උනත් අපි අතරෙ වෙනසක් තිබුනෙ නෑ..එදා මං සිංදු කියන්න ගියේ ගිටාර් එකත් අරන්...ගිටාර් එක ගගහ සිංදු කියල ඉවර වෙද්දි වටේ පිටේ මගෙ යාළුවො මට ස්ටේජ් එකෙන් බහින්න දුන්නෙ නෑ..තව එකක් කියපන් අසෝ....කියල කෑ ගහනවා..
ඒ අතරෙ ඉස්සරහම පුටුවක ඉදගෙන හිනාවෙවී අත්පුඩි ගහන කව්ද මංද ලස්සන කෙල්ලෙක් මං දැක්කා..එයා හිනාවෙවී මං දිහා බලාගෙන ඉන්නවා..මට එහා පැත්තෙ රිදම් ගැහුව කොල්ලා කීවා මචං කපුගේගෙ නින්ද නැති රැයේ ගහපන් කියල..
මං ඉස්සරහ හිටිය එයා දිහා බලාගෙනම ගිටාර් එක හඩවන්න පටන් ගත්තා...මට කපුගේගෙ සිංදු වල ගිටාර් පාර්ට් කටපාඩම්..එයා දිහා බලාගෙනම සිංදුව කියන්න ගත්තා..පළවෙනි කොටස ඉවර වෙද්දිම
එයා මං දිහා බලාගෙන හිටියෙ වශීවෙලා වගේ...එයාට හොදටම ෆීල් වෙලා...
මං සිංදුව කියල ස්ටේජ් එකෙන් බැහැල එලියට ඇවිත් පහල හිටපු යාළුවො එක්ක ඉද්දි කව්ද මංද කීවා මචං අසා බලපන් පොඩ්ඩක් එහා පැත්ත..එහෙම කියද්දිම මං අනෙක් පැත්ත හැරිල බැළුවාම එතන හිටියෙ අර මං සිංදු කියද්දි මගෙ ඉස්සරහ ඉදගෙන අත්පුඩි ගගහ මං දිහා බලාගෙන හිටපු කෙල්ල..
එයා මට ඔළුව වනලා කතා කරා..මං යාළුවන්ට පොඩ්ඩක් ඉන්න කියල එතෙන්ට ගියාම එයා ලස්සනට හිනාවෙලා කතා කලා..
"අද ඔයා ප්ලේ කරා හරිම ලස්සනයි...මාර ටැලන්ට් අනේ ඔයා..මොකද්ද ඔයාගෙ නම්..
"මං අසොල්...ගොඩාක් ස්තූතියි..ඔයාගෙ නම මොකද්ද...?
"ශා සිංදු වගේම නමත් ලස්සනයි..so romantic..k මං අශිනි...මෙන්න මගෙ කාර්ඩ් එක අපෙ ඩැඩීට මියුසික් ලැබ් එකක් තියෙන්වා..ඔයාට mucik composing ගැන වැඩිදුර ඉගෙන ගන්න ආසාවක් තියෙනවනම් මට පුළුවන් ඒක කරල දෙන්න..මොකද ඩැඩී අළුත් අයට උදව් කරන්නෙ ගොඩාක් ආසාවෙන්...
අශිනි කියවගෙන ගියා...පේන විදිහටනම් මෙයාට සල්ලි තියෙනවා...අපේ ෆැකල්ටි එකේ නම් වෙන්න බෑ..පෙනුමෙ හැටියට නම් මෙයා මෙඩිකල් හරි සයන්ස් හරි වෙන්න ඕනි...
"k අශිනි මං ටිකක් කල්පනා කරල කියන්නම්කො...මටත් ආසයි ඉගෙන ගන්න..k තෑන්ක්ස් අශී...මං යන්නම් එහෙනම් එහෙම කියල මං අශිනිගෙන් සමු අරගෙන එතනින් ආවා...
දවසින් දවස අශිනි මට ලංඋනා...ඒ එක්කම වැඩි දවසක් යන්න කලින් අශිනියි මායි අතරෙ ආදරයක් ගොඩ නැගුනා...එයාට මාවත් මට එයාවත් නැතිව බැරි තරමෙ ආදරයක් අපි අතරෙ ඇතිවුනා..අපි දෙන්න හැමදාම වගේ හවසට හම්බුනා..හැමදාම වගේ එයාව හම්බෙන්න එද්දි මට එයා කියල තිබුනෙ ගිටාර් එකත් අරං එන්න කියලයි..
හැමදාම වගේ හවසට එයාට මගෙ සිංදුවක් අහන්න ඕනි උනා...මං සිංදුව කියන වෙලාවට එයා මගෙ උරහිසට හේත්තු වෙලා ඇස් දෙකත් පියාගෙන අහගෙන ඉන්නවා..සිංදුව කියල ඉවර වුනාම එයා මගෙ නළලට හාදුවක් තියල මාව බදාගෙන ගොඩාක් වෙලා ඉන්නවා..ඒ එයාගෙ හැටි..
"පිටු පුරා පෙම් කවි ලියූ
හිත ගොළු උනේ ඇයි රස මැවූ
නොදන්නෙමි වැරදුනේ කොතනද
දෙයිවයද මේ අප පැතූ....
ඔබ එදානම් සද වගේමයි..."
මෙච්චර හොදට ගලාගෙන ගියපු අපෙ ආදරේ එයා එකපාරටම ප්‍රතික්ශේප කරන්න ගත්ත විදිහ නම් මට හිතා ගන්නවත් බැහැ...මගෙ දුප්පත්කම නිසා වෙන්නැති...මං හිත හදා ගන්න බැරි උනත් අමාරුවෙන් හරි ඒක කරන්න වෙනවා..ජීවිතේ අපි විදින විදවන දාහක් දේවල් අතරෙ අපිටම කියල වෙන්වෙච්ච සතුටක් තියෙන්වනම් ඒ හුගාක් අඩුවෙනුයි..අපි ආදරය කරන අය අපි ලගම සිටිය යුතුයි කියල නියමයක් නෑ..විය යුත්තේ ඒ අය සතුටින් කොහේ හෝ සිටීමයි...
මං කල්පනා කර කරම..පාර පැනල කැම්පස් එක පැත්තට ආවෙ ලයිබ්‍රිය පැත්තට යන්න කියල හිතාගෙන..පාරෙ එහා කෙළවරක නවත්තලා තිබුනු රතුපාට carina එකට නැග්ගෙ අශිනි..එහා පැත්තෙ හිටියෙ කව්ද කියල නම් මට එච්චර මීටර් නැහැ..ඒ සමහරවිට එයාගෙන යාළුවෙන්න ඇහුව කීව බෝයි වෙන්නැති...මං ඒ ගැනම කල්පනා කර කර බෙන්ච් එකක් පැත්තට අවුල් වෙච්ච හිතත් අරන් කොහේදෝ ඈතක යන්න කියල හිතාගෙනයි..
"නෙතේ නෑ ආදර බැළුම්
කොහෙ සැගවුනාදෝ නෙත් කැළුම්
ඔබේ ලෝකය නොවේ මගෙ ලොව
මැකී යයි ආදර හැගුම්...
ඔබ එදානම් සද වගේමැයි..
-ස ජී-

No comments:
Post a Comment