Tuesday, March 11, 2014

"අපි වෙනම හඩමු දෙතැනකට වෙලා...


දිගු කාලයකට පසුව ඇගේ නමින් මා හට ඇමතුමකි..
සෙමෙන් දුරකතනය අත තබා ගෙන කල්පනා කලේ
ඇගේ ඇමතුම ගන්නවාද..?නැද්ද යන්නයි...
ඕනෙ දෙයක් වෙච්චාවෙ කියල මං දකුණතට දුරකතනය ගෙන
එහි කොළ පැහැති බොත්තම තද කලෙමි...

"හෙලෝ...සජී.." මොකද ඔයා කරන්නෙ..
අනෙක් පසින් ඇසුනේ ඇගේ කටහඩයි..

"ම්ම්ම් මුකුත් නෑ...මං පොතක් කියවනවා...කියන්න.."මා බොරුවක් පැවසුවෙමි..
ඒ වන විට මා සිටියේ කැම්පස් එක ඇතුලට වී මගේ යහළුවන් සමගය..

"ගොඩක් දවසකින් කතා කලේ නෑ ඒකයි කතා කලේ...
ඇගේ ස්වරය දුකෙන් මෙනි...

"හ්ම්ම්...දැන් ඔයාට ඒකත් මතක් වෙන්නෙ නෑනෙ.." මා ඕනෑවට එපාවට මෙන් පැවසුවෙමි.

"ඇයි දැන් මට sms එකක් වත් එවන්නෙ නැත්තෙ සජී...මට පාළුයි දෙයියනේ..."

"ඇයි මං ඔයාට තවත් msg කරන්නෙ...ආ නෙතූ..මාව ඕනි නැති නිසානෙ මට යන්න කීවෙ..
ඉතිං මං ගියා...මොකටද තවත් මං ඔයාට කතා කරන්නෙ..."
මගේ වම් අත තිබූ සිගරැට්ටුවෙන් උගුරක් ඇද දමමින් පැවසුවෙමි...

"ඇයි අනේ ඔයා ඔහොම කතා කරන්නෙ..අපි වෙන්වුන හේතුව ඔයා දන්නවනෙ...."

ඈ එසේ කතා කරන විට මට යන්තමට කේන්ති ගොසින්ය....

"ඔව් දන්නවා...ඔයාලගෙ අම්මට ඕනි වුනේ ඔයාව ඩොක්ටර් කෙනෙක්ට හරි ඉංජිනේරුවෙකුට හරි
බන්දලා දෙන්නනෙ...ඉතිං දැන් එහෙම කෙනෙක් හොයා ගත්තද...."

මා එක හුස්මට කියාගෙන ගොස්..පසෙක තිබූ වීදුරුව ගෙන එහි අඩියේ තිබූ අන්තිම උගුරත් කටට හලා ගත්තෙමි...
තවත් දිගට කතා කිරීමට මට අප්පිරියා සිතුනි...

ඇගේ මව අපගේ සම්බන්දය දැන ගත් දා සිට මාගේ පවුලේ විස්තර අසා මා තදින් ප්‍රතික්ශේප කරන ලදි..
මා දුප්පත් යැයි ඈ කලින්ම තක්සේරු කර තිබුනි..
ඇගේ  කීම අසා දියණියද මා ප්‍රතික්ශේප කරන ලදි....මට වෙනත් කෙල්ලෙකු සොයා දීමට ඇය උත්සුක විය...

"හෙලෝ...ඔයා ඉන්නවද.." අනෙක් පසින් ඇසුනි...

"ඔව් ඉන්නවා..තාම හොදින් ඉන්නවා..තවත් මට කතා කරන්න එපා..මාව එපා කියලනෙ ගියේ ඔයා..
ඉතිං තවත් කතා කරන්න එපා..
ඔයාලගෙ අම්මට කියන්න මං එයා හොයන ඉංජිනේරුවෙක් නොවුනට කවදාහරි ඊට වඩා හොදට කාල බීල ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වෙනවා කියලා..."

"එදාට මං එන්නම් ඔයාලගෙ අම්මට කතා කරල යන්න.."
එසේ කියමින් මා දුරකතනය විසන්දි කලෙමි...

පසෙක සිටි මගේ මිතුරා මා දෙස මෙපමණ වෙලා බලා සිටි බව මා දුටුවේ තවමත් ඔහු මා දෙස බලා සිටින නිසාය...

"මචං සජියා...උඹ ඔයිට වඩා හොද කෙල්ලෙක් හොයා ගනින්..පොළවෙ පය ගහල ඉන්න කෙල්ලෙක්..උඹේ සල්ලි වලටවත් උඹේ පවුල් පසුබිමත් ආදරේ කරන කෙල්ලෙක් නෙවේ...උබට ආදරේ කරන කෙල්ලෙක්...
හොයා ගනින්.."

"ඒකිගෙ අම්මට පේන්නම උඹ දියුණු වියන් මචං..උඹට ඒක පුළුවන්..අන්න එදාට උඹට සංතෝසෙන් ජීවත් වෙන්න පුළුවන්..."

එසේ පවසමින් ඔහු බෝතලයේ තිබූ ඉතිරි මදුවිත ස්වල්පය අප දෙදෙනාගේම වීදුරු වලට වත් කර මෙසේ කීය...

"මේක උඹගෙ අතීතෙට...මේක උඹගෙ අනාගතේට...

අප දෙදෙනාගේ වීදුරු දෙක එකිනෙක ගැටිනි...ඉතිරි මදුවිත ස්වල්පය කටට හලාගෙන...මා නැවත අතීතය අමතක කර වර්තමානයට ආවෙමි....

- ස ජි ත්  ම දු රං ග -



No comments:

Post a Comment