Friday, March 14, 2014

"සිතත් එක්ක යන්න යන්...

                   
 "එයා....මගෙ නෙවේද...?ඔව් එයා මගෙ නෙවේ 
කියලද ඔයා කියන්නෙ..නෑ වෙන්න බෑ එයා 
මගෙ තමයි..එයා මගෙම විතරයි..මගෙ හිත වද දෙනවා..ඒ 
හැගුම් අතර හිරවෙච්ච පුංචි බලාපොරොත්තුවක්
ඉතිරි වෙලා..එයා මගෙ කර ගන්න පුළුවන් වෙයි කියලා...

"සුදු මහත්තයෝ...

"ම්ම්ම්...ඇයි මැණික..."

"මට බයයි අපි දෙන්නට එකතු වෙන්න බැරි වෙයි කියලා..."

ඇස් අගින් කඩාවැටිච්ච පුංචි කදුළු බ්ංදුවක් එයාගෙ කම්මුල්
දිගේ කඩා වැටෙනවා...මං දකුණු අතින් කදුළු
බිංදුව පිහ දාන ගමන් වම් අතින් එයාව තුරුල් කර ගත්තා මං ගාවට..
මෙච්චරක් යැයි කියන්න බැරි වේදනාවකින් මුළු පපුවම 
පිරිල යද්දි මගෙ ඇස් වලින් නොදැනුවත්වම කදුලක් කඩන්
වැටුනෙ එයාගෙ මුහුණ මතට...

එයා ඔළුව උස්සල මගෙ දිහා බැළුවෙ සිලි සිලි ගගා මගෙ ඇස්
දෙකෙන් වැටෙන කදුළු බිංදු දිහා...

"සිතත් එක්ක යන්න යන්
 වන්දනා කරන්න නම්
 ඔබේ සුවද මගේ හදවතේ
 තාම රැදේ හඩ හඩා මෙසේ..."

         නිමක් නැතිව පිරුනු මගෙ ආදරේ අදින් හරියටම දින
කීපයකට කලින් හොරාගත්තෙ එයා..මම එයාට හොරෙන් 
හොරෙන් ආදරේ කලත් මට කියන්න තරම් හිත හයිය නොතිබුනත්
එයා ඒක දැනගෙන තිබුනා..ඒත්.එයා ඒකට මට මොනවත් කීවෙ
නැහැ මොකද එයත් මට කැමත්තෙන් හිටපු නිසා...

ජීවිතේ මොකද්දෝ කරුමයකට එයා මට වඩා වැඩිමහල් උනා..
එයා ඒ බව කියද්දි මං එයාට ආදරේ කරන්න පටන් අරන් 
ගොඩක් කල්...

"සුසුම් වැල් සිනා කැළුම්
 පූදිනා සිතුම් පැතුම්
 කොතෙක් ඇද්ද මගේ ආදරේ..
 ඒත් රංගනාවියේ 
 නොලැබෙනා පෙමක් දිගේ
 ඇවිත් හිදී තනිව මං මෙසේ
 ඔබට ආදරෙයි පණ වගේ..."
       
       මං එයාට ආදරෙයි කියපු දවසට පහුවෙනිද එයා මාව
හමුවෙන්න ආවා..ගොඩාක් ලස්සනට ඇදගෙන මගෙ සුදු කුමාරි
මගෙ ඉස්සරහ.අදහ ගන්නත් බැරිව මගෙ ඇස් එහා මෙහා ගියා..

එයා මගෙ ඉස්සරහ ඉදගෙන මගෙ ඔඩොක්කුවට අත් දෙක තියාගෙන 
මගෙ දිහා බලාගෙන ඉන්නවා..මුළු ලෝකෙම විරුද්ද වෙලා ආවත්
එයා මගෙම කරගන්න හිතෙනවා..

ගොඩාක් වෙලා මට තුරුළු වෙලා හිටපු එයා හිමින් නැගිටල ඇවිත් මගෙ
නලලට පුංචි කිස් එකක් දීල මාගෙ අත් දෙකෙන් අල්ලගෙන කවදාවත්
එයාව දාල යන්නෙ නෑ කියල මාව පොරොන්දු කර ගත්තා...


"හිරුත් සදු තරුත් අරන්
 ඒවි රෝස මල්වියන්
 අරන් යන්න මගෙන් ආදරේ
 නින්දෙ තනි වෙලා වගේ
 ඉන්නෙ නෙතු පියා ඔහේ
 සදා ඔබයි මගේ ආදරේ..."

- ක වි කා ර යා -


 

No comments:

Post a Comment