"බෞද්ධාලෝක මාවත පැත්තෙ ඉදල කෙලින්ම නිදහස් මාවත පැත්තට වාහනේ හැරෙව්වෙ හුගාක් හවස් වුන හින්ද අදවත් කලින් ගෙදර යන්න කියල හිතාගෙන..කොළඹ අහස අඩන්න පටන් අරන්..වැහි පාට මන්දාරමකින් අහස වහගෙන කදුළු හලනවා වගේ හිරිකඩ වැටෙන්න පටන් ගත්තා..මන් කව්ලුවෙ වීදුරුව යන්තමට උස් කරගෙන එලෙව්වා...
වැස්ස පටන් ගත්ත හින්දද මන්දා එක සීරුවට වාහන පෝළිම..රිය පෝලිමෙ තදබදයට අහුවෙන්න කලින් මන් වම් පැත්තට දාගෙන ඉදිරියටම ගියත් පාරෙ මැද්දෙ ලොකුවට ගහල තිබුනු රතු එලිය මගෙ වේගය අඩාල කරගෙන මාව නවත්ත ගත්තා...පොදෙන් පොදේ ගැහුව හිරිකඩ දැන් ලොකු වැහි බිංදු වෙලා ඇදගෙන වැටෙනවා..සීතල ටිකෙන් ටිකේ ඇගට දැනෙද්දි මන් ලොකු හුස්මක් අරන් එලියට පිම්ඹා...
නිදහස් මාවතේ නෙළුම් පොකුණට මෙහා පැත්තෙ බස් හෝල්ට් එකම පිරිලා..වැස්සෙන් බේරෙන්න කියල මිනිස්සු බස් හෝල්ට එක ඇතුලටම යනවා..මන් වාහන් තදබදය මැදින් හෙමින් බස් හෝල්ට් එක ගාවට කිට්ටු උනා..ඒ අතරෙ බස් හෝල්ට් එක ඉස්සරහ හිටපු ලස්සන ජෝඩුවක් මගෙ කාර් එකට අත දැම්ම..ලොකුවට Taxi කියල ගහල තිබුනු බෝර්ඩ් එකට මන් හැමදාමත් වෛර කලා..මොනව කරන්නද මගෙ රස්සාව වෙච්චකොට..
චුට්ටක් අයිනට කරල නවත්තලා වම් පැත්තෙ වීදුරුව පාත් කලාම අර අත දැම්ම තරුණය ඇවිත් මට කතා කලා..
"මල්ලි...නාරාහේන්පිටට යමුදු....?
"මන් ටිකක් කල්පනා කරල හා කියන්න වගේ ඔළුව වනල නගින්න කිව්වා...
අර තරුණයා තමන්ගෙ අතේ එල්ලිලා හිටපු කෙල්ලට නගින්න කියල පිටිපස්සෙ දොර ඇරල දීල ඔහුත් නැග්ගා...මන් ඉක්මනට වම් පැත්තෙ පාත් කරල තිබුන වීදුරුව උස්සගෙන වාහනේ ආපහු පාරට ගත්තා..තාම කලර් ලයිට් වැඩ...ටික වෙලාවකින් වාහන පෝලිම ඉදිරියට ඇදෙන්න ගත්තා...මන් ඉක්මනට යන්න කියල හිතාගෙන වාහනේ එලවන්න ගත්තා..
අර තරුණයගෙ අතේ එල්ලිලා හිටපු තරුණියට තිබුනෙ පුදුමාකාර ලස්සනක්..මන් හරියටම නොදැක්කත් වාහනේට නැග්ග වෙලාවෙදි දැක්ක මට එහෙම හිතුනෙ ඇත්තටම එයා ලස්සන නිසා...පැති කන්නාඩියෙන් මන් ඈව බලන්න උත්ස්සහ කලත් ඇතුලෙ කළුවර නිසා හරියටම පේන්නෙ නැහැ..ඒ තරුණිය අර තරුණයගෙ අතේ වෙලිලා මොනවදෝ මුමුණ මුමුන යනවා..
හ්ම්ම්ම්...අර තරුණයත් වැඩි උවමනාවක් නැතුව වගේ ඒවට කන් දීගෙන යනවා..
ඇතුලෙ කළුවර හොදට වැඩි කියල හිතාගෙන මන් ඇතුලෙ ලයිට් එක පත්තු කලේ පැති කන්නාඩියෙන් එලියත් බලාගෙනමයි...වැස්ස එක දිගට වාහන යන්නෙ ගොඩාක් හෙමින්..මන් ටිකක් වාහනේ වේගය අඩු කලා...වේගය අඩු කරල මන් අර ජෝඩුව දිහා හොරෙන් වගේ එක පාරක් පැති කන්නාඩියෙන් බැළුවා...
මගෙ දෙනෙත් ඉස්සරහ අකුණක් ගැහුව වගේ අදහ ගන්න බැරිව ගියා...ඒ..හිටියෙ හිරු..අර තරුණයගෙ අතේ එල්ලිලා මෙච්චර වෙලා පෙම්බස් මුමුණ මුමුන ඉදල තියෙනෙ හිරු..මන් ආයෙමත් හොදටම මගේ ඇස් විශ්වාස කරගන්න හොදටම එයා දිහා බැළුවා..ඔව්...ඒ හිරු...එයා මාව දකින්න නැතිව ඇති..මගෙ ඔළුවෙ තිබුන කැප් එකට මගෙ මූනම වැහිල..
එයා සීතලට තුරුල් වෙලා අර තරුණයගෙ අතේ එල්ලිලා යනවා...මගෙ හිත මහා දුකකින් පිරිල ඉතිරිලා ගියා...
හිරු කියන්නෙ මන් ආදරය කරපු කෙනා..ගොඩාක් පෝසත් පවුලක උන්නු හිරුට ආදරය ඒ ගෙදර වාහනේ එලවපු ඩ්‍රයිවර්...ඒ මම...හිරු මගෙන් ආදරය ඉල්ලපු දවසෙ ඉදල මන් මේ වෙනකම් එයාට ආදරය කලා..අපි දෙන්නගෙ නොගැලපෙන සම්බන්දෙ දැන ගත්ත එයාගෙ තාත්තා මාව ඒ ගෙදරින් එලවලා දානකම් එයා මට ආදරේ කරා...
කාලය කොච්චරක් ගෙවිල ගියත් මතකය නම් ගොඩාක් අළුත් ඒ වගේම සුවදයි..මගෙ හිතේ ඇවිලෙන පෙර මතක අස්සෙ වැහි බිංදුත් පරදගෙන මතක වැහි බින්දු මගෙ හදවත ඇතුලටම වැටෙනවා...මුලු පපුවම තෙත් කරන්..එයා දැන් වෙන කෙනෙක් එක්ක...ඒ අතරෙ මාත් එයාට ඉස්සරහින් ඉදගෙන යනවා..පුදුමයි..මන් නිකම්ම නිකන් මතකයන් ගොන්නක් එක්ක පුස්කාපු අතීතෙක ජීවත් වෙනවා..
මට ආයෙමත් එයා දිහා බලන්න ඕනි උනා..ඒත් ඒක කරන්න තරම් මගෙ හිත හයිය නැහැ දැන්...මන් හිතට වෙර දරාගෙන ආයෙමත් පිටිපස්ස හැරිල බැලුවා..එයා තාමත් අර තරුණයට තුරුළු වෙලා..එයා දන්නවනම් මේ ඉස්සරහ ඉදන් වාහනේ එලවන්නෙ දවසක් හරි එයා ආදරේ කරපු කොල්ල කියල..දෙයියනේ මොනව නම් හිතේවිද...තප්පරයකටවත් මන් දිහා බැලුවනම් මට ඒක ඇති...
වැස්ස පායලා නාරාහේන්පිට හන්දියටත් ඇවිත්..මන් පාරෙ අයිනකට කරල වාහනේ නැවැත්තුවා..අර තරුණයා මගෙ දිහාට දාහෙ කොලයක් දික් කරල ආ මේක ගන්න මල්ලි කියල කිව්වා..මන් පිටිපස්ස නොබලම ඒක අතට අරන් රුපියල් 300ක් ඉතුරු දුන්නා..අර තරුණයා වාහනෙන් බැහැල හිරුගෙ අත අල්ලගෙන එයාව වාහනෙන් බැස්සුවා..
මොහොතකට හරි එයාගෙ ඇස් ආයෙත් බලන ඕනිකම හොදටෝම හිතට දැනුනත් මන් අමාරුවෙන් හිත හදාගෙන වාහනේ හරව ගත්තෙ ආයෙමත් මට කවදාවත් හිරුව මුණ ගැහෙන්න එපා කියල..ජීවිතේ කවමදාකවත්...මොකද මට බැහැ ආයෙමත් ඒ ඇස් වලින් දුක අහුලන්න...
"මුතුකුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලේනී
එබී බලා රිය කව්ළු දොරින්
යටගිය දවසේ දෑස ගියා ඉගිලී...
අදුරු ලලා සෙන්කඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමි ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමන්තලේ...
රිය ඇතුලේ උණුහුම ඔබට දිදී
නහවයි මා රියසක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රියසක දන්නේ..."
-ස ජී-
(ස ජි ත් ම දු රං ග)
This comment has been removed by the author.
ReplyDeletegodak lassanai dear
ReplyDelete