වසන්තයට යලි එන්නට එපා කියන්න
මගෙ පාළුව විදගන්නට මට ඉඩ දෙන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...
අන්තිමට ඔයයි මායි හමුවෙලා අදට හරියටම මාසයයි...එදා ඉදන් පාළුවට
ගෙවිච්ච ජීවිතේ හරියට හිස් වෙලා...අහම්බෙන් හරි අද ඔයා දැක්කෙ බස් එකේ..
මං ඔයා දැක්කත් කතා නොකරෙ මට ආයෙත් ඒ මතකය විදදරා ගන්න බැරි නිසයි..
මට සමාවෙන්න ඔයාට කතා නොකලට...
හැමදාම වගේ ජීවිතේ ගෙවුනට ඔයා නිදන්නවා උනාට මං ගොඩාක් දුකෙන්
උන්නෙ...අද ඒ දුක තවත් වැඩි උනා..ආයෙත් මං ඔයාව නොදකින්න හිතුවත්
අපේ ඉරණම ඒකට ඉඩ දෙන්නෙ නෑ...ආයෙ ආයෙත් වැඩි වන දුක අස්සෙ ඔයා
එයත් එක්ක සතුටින් ඉන්න බව මං දන්නවා...
හිනැහිලා ගෙවිච්ච ජීවිතේම අදුරු කරල දැම්මට ඔයාට ගොඩාක් පිං...ඒ ඔයාගෙ
පව්කාර කමට වඩා මගෙ පව්කාර කමයි..දහසක් නොගැලපීම් මත්තෙ දැන දැනත්
ඔයාට තව ලංවුනේ මගෙ ආදරේ තියෙන වැඩිකමට මිසක් ඔයාගෙ චපලකමකට
නෙවේ...
"ගං ඉවුරට මුමුණන්නට එපා කියන්න
තරු යායට ඉගිලන්නට එපා කියන්න
මං කෙලෙසක ඒ විසිතුරු බලා ඉදින්ද
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...
මගෙ ආදරේ මට තව කෙනෙක්ට දෙන්න තරම් තවත් ඉතිරි වෙලා නැහැ..ඒ සේරම
ඔයා අරන්..ඔයා තව කෙනෙක්ට දෙන්න තරම් ඔයාගෙ ආදරේ බැදුවට මට එහෙම
කරන්න තරම් හිත හයිය නැහැ..ඔයා ඒක දන්නවා...මේ හමන සුළග පවා මාව
රිදවනවා..
ඒ ඔයාගෙ සුවද අරන් ඇවිත් මාව තවත් මතකයට ගෙනියනවා..ඔයාගෙ හෙවනැල්ල
වත් නොවැටෙන ඉසව්වකට යන්න තියේනම් මට ඒ ඇති...
"මද පවනට දැවටෙන්නට එපා කියන්න
මල් සුවදට ලංවෙන්නට එපා කියන්න
මන් කෙලෙසක ඒ සිහිලැල් දරා හිදින්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...
- ස ජී -
(ස ජි ත් ම දු රං ග)
No comments:
Post a Comment