"මං හැමදාම හවසට පාර්ක් එකට යන්න පුරුදු වෙලා හිටියෙ ගොඩක් කල්
ඉදල..හැමදාම වගේ යන එන හින්දා පාර්ක් එකේදි
මගෙ වැඩේ උනේ කොහෙ හරි බංකුවක් උඩට වෙලා ඉදගෙන පොතයි
පැන්සලයි අරගෙන මොනාහරි ලියන එක....
මේ විදිහට ගෙවෙන ජීවිතයට මං හුගක් ආසා කලා..මොකද මට ඒ ජීවිතය දාහකින්
වටින නිසා...
හැමදාම වගේ එදත් මං පාර්ක් එකට ආවෙ මගෙ නවල් එකේ අන්තිම හරිය ලියල දාන්න..
මං ඒ දවස් වල නවල් එකක් ලිව්වා...පාර්ක් එක ඉස්සරහ කැෆේ එකෙන්
වතුර බෝතලයකුත් අරන් මට හුරු පුරුදු කෙළවරේ බංකුවෙ ඉදගත්තා...
පැයක් විතර එක දිගට ලියල ඉවර වෙලා මං වට පිට බැළුවෙ පොඩි කම්මැලි ගතියක්
ආව නිසයි...මට එහා පැත්තෙ බංකුව උඩ ලස්සන ගැහැණු ළමයෙක් ඉදගෙන හිටියා..
කව්රු හරි එනකම් ඉන්න වගක් තමයි එයාගෙ මුහුණෙන් පෙනුනෙ...මං ටික වෙලාවක්
එයා දිහා බලන් ඉද්දි එයා ඒක දැකලද කොහෙදෝ මං දිහා බැලුවා..මං තාමත් එයා දිහා
බලාගෙන...
එයා එකපාරටම හිනාවෙලා අහක බලාගත්තා..එයා ගොඩක් ලස්සනයි..එයා ඇදල
හිටියෙ රතුපාටට හුරු සාරියක්.ඒකට එයා ගොඩක් ලස්සනයි...
මං තව ටික වෙලාවක් එයා දිහා බලාගෙන ඉදල බංකුවෙන් නැගිට්ටෙ මට එන්න
කියල තාත්ත sms කරල තිබුන නිසා..
මං එන්න හැරිලත් එයා දිහා බලලා හිනාවෙලා එන්න ආවා..එයත් ආයෙත් මට
හිනාවුනා...එද්දිත් මග දිගට මට මතක් උනේම එයාවයි..ගෙදර ගිහිනුත් වැඩක්
කරගන්න බැරි උනා...හිත හොදටම කැළඹිලා.. මං අතේ තිබුනු කාර් එකේ යතුර පැත්තකට
දාල එයා ගැන කල්පනා කරන්න ගත්තෙ එයා හොදට දැකල පුරුදු වගේ දැනුන හින්දා...
අනිත් දවසෙත් මං පුරුදු විදිහටම පාර්ක් එකට ගියා..පුරුදු තැනම වාඩි වෙලා ටිකවෙලාවක්
ඉද්දි කව්දෝ ගැහැණු ළමයි කීපදෙනෙක් කතා කර කර මං ඉන්න තැනටම ආවා...මං වැඩිය
ගනන් නොගත්තෙ දිගින් දිගටම ලියන්න වුනු නිසයි...එතන හිටපු එක්කෙනෙක් මොකද්දෝ
අරගෙන මං ගාවට ආවා..
ඒ එයා...අතේ මොකද්දෝ දික් කරගෙන මං දිහා බලාගෙන උන්නා...ඒ මගෙ NotE Book එක..
ඊයෙ මට ඒක අමතක වෙලා ගිහින්...
"මේක ඔයා ඊයෙ දාල ගිහින්නෙ...මං අරගෙන ගියා..හොද වෙලාවට..."
එයා හිනාවෙවී කිව්වා..මං පොත අතට ගත්තෙ එයා දිහා හිනාවෙලා බලන ගමන්මයි...
"ඒකනෙ...මං ඊයෙ රෑ ගෙදර හැමතැනම හෙව්වා..ඔයාට ගොඩක් ස්තූතියි...
මං කිව්වා...
"ආ..ස්තූතියි කියල බෑ...
මේකෙ තියෙන කතාව මං ඉයේ කියෙව්වා...ඒක
ලස්සනයි ගොඩාක්...ඔයාගෙ අදහස් නම් ගොඩාක් ලස්සනයි....
මට ඒකෙ ඉතුරු ටික දෙන්න පුළුවන්ද කියවන්න දෙන්න..."එයා කියවගෙන යද්දි
මට ඉබේම හිනා ගියා...එයා ඒක සේරම කියවලා...මං තාම ඒක කාටවත් කියවන්න දීල
නැහැ..
"ඇයි හිනාවෙන්නෙ....මට ඒක දෙන්න බැයිද....? එයා ඇහුවා..
එයා ඒක අහද්දි කල්පනා කර කර හිටපු මං එයා දිහා බැලුවා...එයා තාමත් මගෙ මූණ දිහා
බලාගෙන ඉන්නවා...
"ම්ම්ම්ම්....මං හෙට ඔයාට ගෙනත් දෙන්නම්....මා පැවසුවෙමි...
"මං දන්නෙ නෑනෙ ඔයා බොරු කියනවද කියල..මං කොහොමද ඒක විශ්වාස කරන්නෙ ආ...?
ඈ...පැවසූ විට..මා ඈ දෙස බලාගෙන අහිංසකව සිනාසුනෙමි...මෙතෙක් කලකට
කව්රුන් හෝ එලෙස සෘජුවම කතා කලානම් ඒ ඈ පමණකි...
"හෙට එන්න මේ වෙලාවට.. මෙතනට.. මං එනවා හෙටත්...මා ඈට පවසා ඇගෙන් සමුගෙන
නැවත හැරී ආවෙමි...සැබවින්ම ඈට කුමක් සිතෙන්නට ඇතිද...එහි ලියා තිබුනේ මගේ
ජීවිත කතාවයි...
මීට මාස කීපයකට පෙර සිටියේ මා දිවයිනේ ප්‍රසිද්ද ආයතනයක
අලෙවි නිර්මාණ කරුවකු විය...මාගේ නිර්මාණාත්මක හැකියාව උපයෝගී කොටගෙන
මා එම ක්ශේත්‍රයේ ඉහලටම ආවෙමි...එහෙත් ඉරණම සියල්ල තීන්දු කොට තිබිනි..මා
හදිස්සියේම රෝගාතුර විය..ක්ශණිකව ඇතිවූ රෝගී තත්වය දරුණු තත්වයක් දක්වා
වර්දනය විය..මාසයක් පමණ කාලයක් මා ඇදටම සීමා වූවෙමි...දොස්තර වරුන් නිගමනය
කලේ මාගේ මොළයේ ස්නායු සම්බන්ද දරුණූ ආබාදයක් ඇතැයි යන්නයි...
මාගේ දෙමව්පියන් මා රට යවා මා හට ඉහළම ප්‍රතිකාර ලබාදුන්හ..එම ප්‍රතිකාරවල පිහිටෙන්
මා නැවත මාස කීපයකින් යතා තත්වයට පත් වුනද මා හට ප්‍රතිකාර කල වෙයිදයවරුන්ගේ
නිගමන වූයේ මා නැවත රැකියාවට නොයායුතු බවයි...කිරීමට කිසිම දෙයක් නොමැති කල
මා හවසට හවසට පාර්ක් එකට යෑමට ඒමට පුරුදු වුනෙමි....
පසුදින මා පුරුදුසේම පාර්ක් එකට ගොස් හුරුපුරුදු බංකුව මතට වී සිටියෙමි..ඇය කිවූ ලෙසම
පැවසූ වෙලාවට එනු පෙනුනි..අද ඈ හැද සිටියේ කාර්යාලයකට හුරුපුරුදු ඇදුමකි..ඇය කොහේ
හෝ රැකියාවක් සිදු කරනවා විය හැකිය...
"ආහ්.....මං හිතුවෙ ඔයා එන්නෙ නැතිවෙයි කියල...ඈ එලෙස පවසමින් මා සිටි බංකුව වෙත
ආවාය..ඇය අද පෙරදාට වඩා සුන්දරයැයි මට සිතුනි...
මා සිනාසුනා පමණකි...ඇය මා ලගින් වාඩිවුනාය....
"අයියෝ....මං මේ කතා කලාට ඔයාගෙ නමවත් දන්නෙ නෑනෙ...කවී...?
කවී කීවෙ මේ පොතේ තියෙන නම හරිද.ඇය එසේ කියන විට මා තිගැස්සුනි...
මගේ නම කවීශය....මා ලියු හැම දෙයක් අසලම මගේ කෙටි නම තබා ලිවීමට පුරුදු වීසිටියෙමි...
"මගෙ නම කවී තම්යි..ඔයා ඒක හරියට කීවා...මා එසේ කියන විටදි ඇය පුදුමයට පත්වූ කලෙක
මෙන් මා දෙසම බලා සිටියාය...
"මොනවා...මේ...මේ..ඔයා ලියල තියෙන්නෙ ඔයාගෙ කතාවද මේ....?ඈ පුදුමයෙන් මා දෙසම
බලාගෙන විමසුවාය...
"ඔව්....මා ඇය දෙසම බලාගෙන පිළිතුරු දුනි...
"oh..my god....ඔයා එතකොට අසනීප වෙලාද ඉන්නෙ...අනේ සොරි ඇත්තටම මං දන්නෙ
නැතුව හිටියෙ....දන්නවනම් මං ඔයා එක්ක කතා කරන්නෙ මීට ගොඩක් දවසකට කලින්..
මං ගොඩක් දවස් ඉදල මේ පාර්ක් එකට එනවා..."
"ඒ ආපු පළවෙනි දවසෙමයි ඔයාව දැක්කෙ...ඔයා ඇවිත් මොනවදෝ ලිය ලිය ඉදල යනවා..."
ඇය කියවගෙන ගියාය...පුදුමයි එයා මං දිහා ගොඩාක් දවස් ඉදල බලන් ඉදල..
මා ඇයට මා අත තිබූ කොළ මිටිය දික් කලෙමි..ඇය එය දුටු වනම එය දෑතට ගත්තේ ඉතා
ආදරයකින්..."මං මේක අදම කියවන්න පටන් ගන්නවා.....මට ඔයා ගැන සේරම දැනගන්න
ඕනි...."
"ඒ...ඇයි....මා හට එක්වරම කියවුනි....
"නිකම් අනේ......ම්ම්ම් ඉතින් කියන්කො...අද මං එද්දි මොනාද ලිය ලියා හිටියෙ...
කෝ දෙන්න බලන්න...ඇය කතාබහ කරනුයේ අප දෙදෙන බොහෝ කල් සිට හදුනන ගානටය...
මමත් එලෙසම ඇය හා මිතුරු වූ සෙයකි...
මා මෙතෙක් වෙලා ලියූ නිසදැසක් පෙන්වූවෙමි.....ඇය එය රැගෙන කියෙව්වාය...
"ලස්සනයි අනේ....ඇත්තටම...ඔයාගෙ අදහස් ගොඩාක් ලස්සනයි....
එදා පටන් මා ඇය එනතුරු හැමදාම උද්යානේ බංකුව මත හිදගෙන සිටියාය...ඇය සැමදිනම
පැමිණ මා සමග කාලය ගෙව්වාය...මෙලෙස මාසයක් පමණ ගතවිනි..මා ඇයට ආදරේ බව
පෙරදින සවස ප්‍රකාශ කල පසු ඇය පුදුමයෙන් මෙන් මාදෙස බලා....ඇයත් එලෙසම මා වෙත
ආදරය කරන බව පැවසුවාය....
එදා දින පටන් මගේ ජීවිතයේ එකම බලාපොරොත්තුව වූයේ ඇයයි..ඇය සමග මා ඉතාමත් සතුටින්
කාලය ගෙව්වෙමි...ජීවිතය යනු මොහොතකින් වෙනස් වෙන වස්තුවක් බදුය...
එහි අරුත තවමත් තේරුම් ගැනීමට අපහසුය...ඒ ජීවිතයයේ සතුට මිස අන් කවරක්ද....???
..........නිමි.........
- ස ජී -
(ස ජි ත් ම දු රං ග)