"මම රෑට හදිසියේ අවදි වෙන්වා..මට නින්දෙන් කල්පනා වූ දේ මම පොතක
ලියනවා.එහෙම නැතිනම් උදේ වෙද්දි රෑ පෙනෙන දේ අමතකයිනෙ...දවසක් මේ විදිහට මට
හදිසියේ අවදි වුනේ නින්දෙදී කල්පනා වූ කරුණක් නිසයි..මම සිහිනය බැලීම නවතා පියවි
ලෝකයට ආවා.එදා එලිවනතුරු මම වැඩ කලා.. සැලසුම් කලා පාන්දර වෙද්දි මට හිතෙනවා
මේ සැලැස්ම නම් හරි යාවි කියල.."
මේ ඔබ කියෙව්වේ ලෝකයෙ අංක එකේ බිලියනපතියකුගේ සටහනක්. ඇත්තටම මොහු සිහින
දැක්කා. ඒ සිහින පස්සෙ දුවගියා.එම සිහින සාර්ථක කර ගත්තා..තමන් මැවූ සිහිනය පිළිබද
මෙලෙස සටහනක් තැබූ මොහු කව්ද කියා ඔබ සිතනවා ඇති..මේ තමයි ලෝකයේ පළමු
ධනවතුන් දසදෙනා අතර වැජඹෙන ඇමරිකන් ඩොලර් බිලියන ගනනක හිමිකරුවකු වන
39 හැවිරිදි "ලැරී පේජ්" ලැරී පේජ් කීවාට ඔබට හදුනා ගැනීමට අපහසු ඇති..නමුත්
Google යන වචනය නම් ඔබේ කණට හුරු පුරුදු ඇති...
ඒ තමයි මේ පුද්ගලයා බිහිකල සුවිශේශිත උපාංගය ..Google යනු ලෝකයේ අන්තර්ජාලය බාවිතා
කරනවුන් හට නැතිවම බැරි දෙයකි..යම් හෙයකින් Google නොතිබුනා නම් අප ජීවිතය
බොහෝ සේ අඩාල වේවි..ලෝකයේ ජනප්‍රියතම සෙවුම් යන්ත්‍රය මෙයයි..සිහිනයන් තුලින්
ඉටුකර ගත් මෙම ඉලක්කය පිළිබද වරෙක ලැරී විසින් ප්‍රකාශ කලේ ඉහත ආකාරයෙනි..
ලැරී වයස අවුරුදු 23 දී පමණ සිහිනයක් දැක්කා..ඒ තමයි අන්තර්ජාලය බාවිතා කරන
පුද්ගලයන් මුහුණපාන ගැටළුවක් පිළිබද..අන්තර්ජාලයෙ යමක් සෙවීමට වඩා පහසු සෙවුම්
උපාංගයක් පිළිබද අදහසක් සහිතව ලැරී තම ඉලක්කය පසුපස ලුහුබැන්දා..ඔහුට උවමනා වුනේ
ලෝකයේ පළමු පෙලේ ධනවතෙකු වීමටවත් ලෝකයේ ජනප්‍රියතම පුද්ගලයකු වීමටත් නොව
ලෝකයම මුහුණපාන මෙම ගැටළුවට විසදුමක් සෙවීමයි..නමුත් ඔහුගේ කැපවීමට හා වාසනාවට
ඔහු අද ලෝකයේ පළමු ධනවතුන්ගෙන් එක් අයෙක්..
ලැරී තම විශ්වවිද්යාලයේ ඇදුරකු හට තම සැලැස්ම පිළිබද ප්‍රකාශ කර සිටියා..එහි අඩුපාඩු
බොහෝමයක් තිබුනත් ඒවා පිළිබද අඩුපාඩු නොකියා කාරුණික මගපෙන්වීමක් ඔහුවෙත
ලබාදීමට ඇදුරුතුමා කටයුතු කරනු ලැබුවා.ඒ තුලින් පන්නරයක් ලබාගත් ලැරී තම හොදම
යහළුවා වන සර්ජි සමග අවසානයේදී Google සෙවුම් යන්ත්‍රය බිහි කරන්නේ බොහෝ කැප
කිරීම් හරහාය..
වරෙක මිචිගන් විශ්වවිද්යාලයේදී ලැරී දේශනයක් පවත්වනු ලබනවා..මේ දේශනය මහත්සේ
ජනප්‍රියත්වයට පත්වෙනවා..එහිදී ලැරී විසින් අවදාරණය කරනු ලබන්නේ සිහිනයන් දැකීම
හා ඒවා යථාර්තයක් බවට පත් කරගන්නා ආකාරයයි..ලැරී විසින් අවධාරණය කරන්නේ
දිනක තමන් මවන සිහිනය අත් නොහරින ලෙසයි..ලෝකයේ පවතින බොහෝ ප්‍රශ්නවලට
විසදුම ඒවා පිළිබද නිතරම සිතමින් සිහින දැකිම හා ඒවා ගොඩනැගීමයි..මේ තුලින් නව අදහස්
හා නව නිර්මාණ බිහිවන බව ලැරී විසින් ප්‍රකාශ කරනු ලබයි..
අප අද දකින යම් සිහිනයක් කවදාක හෝ අපේ වාසනාවද වියහැකියි..බොහෝ කැපවීම
හරහා ලබාගත් දෙයක් විනාශ නොවේ..ඒවා විනාශ කිරීමටද නොහැකිය..සිහිනයන්
දකින්න..ඒවා පසුපස දුවන්න..ඔබ ඇද වැටේවි..නමුත් වැටි වැටී දුවන්න..ඔබ කවදා හෝ
සාර්ථකත්වය උදා කර ගනීවි...විශ්වාස කරන්න..
පොත්පත් ඇසුරිනි...
-ස ජී-
(ස ජි ත් ම දු රං ග )
Lucky 777 Casino - Mapyro
ReplyDeleteLucky 777 Casino, is a hotel 제주 출장샵 and casino in Las Vegas, NV. The 영주 출장마사지 casino's name and 계룡 출장안마 photo have not been confirmed. Rating: 춘천 출장샵 2.7 통영 출장샵 · 74 reviews