Sunday, April 6, 2014

""පිං පාට ඇස් එක්ක....

                                   "මං දන්නෙ නැහැ මගෙ හිත මේ තරම් එයාව හොයන්නෙ ඇයි
කියල...මොකද එයා දැක්ක වෙලාවෙ ඉදල මගෙ හිත එයා ගාවමයි...ඒ තරම් ලස්සනක්
ඒ තරම් අහිංසක කමක් එක්ක එකට ගෑවෙච්ච ලස්සනම හිනාවක් මන් කවදාවත් දැකල
නැහැ..සත්තයි ඒ මං දැක්ක ලස්සනම ඇස් දෙක...ඔව් ඒ තරම් ලස්සනක් මං දැකල නැහැ.

"පිං පාට ඇස් එක්ක- රන් පාට සද එලියෙ
 ඇවිදින්න රහසින් කතා -සපුරාම තහනම්ද
 මේ මොහොත අද්දරට- අතුරන්න සෙවනැළි රටා..
 පිණි සීත උදුරන්න - ලගපාත දැවටෙද්දි
 දගකාර සුළගක් හමා -මේ හාදකම් මොටද
 නන්නාදුනන සුළග -කරගාව කෙහෙරැල් වටා...."



හෙමිහිට ඇවිලෙන හැගුම් අතරෙ දග කරන මගේ සිතුම් අතරෙ එයා එහා මෙහා යන්නෙ
හරියට අන්දකාර අහසෙ විදුලි කොටනවා වගේ...කියාගන්න බැරි තරම් හැගුම් පෙලක්
හිත අස්සෙ ඇවිලෙනවා...ඔයාට ඒක දැනෙනවද...?

 අද උදේම මං බස් හෝල්ට් එකට ආවෙ එයාව බලන්න කියල හිතාගෙනමයි...විනාඩියෙන්
විනාඩිය ගෙවෙන කාලය අතරෙ මගේ නොයිවසිලිවන්ත ඇස් පාර පුරාවට ඇදුනෙ එයා
එනවද කියල බලාගෙන...ඈතින් එයා එනවා..ඔව් එයා එනවා...ලස්සනට රතුම රතු පාට
සාරියක් එයා අද ඇදල...මං ඇසිපිය නොහෙලා එයා දිහා බලාගෙන හිටියා...

"හොරැහින් බලා රතුපාට සාරිය දිහා
 ආඩම්බරේ නිල් දෑසෙ දෝරේ ගලා
 කොච්චර හෙමින් ආව කාලයද මේ
 හැල්මේ දුවයි අපි දමා....."

එයා මාව දැක්කත් නොදැක්කා වගේ අහක බලාගත්තෙ චූටි අහංකාර බැල්මකුත් මං දිහා
බලලා...කමක් නෑ ඒත් මගෙ හිත පුරා බලාගන්න එයා මගෙ ඉස්සරහ ඉන්නවනෙ...
මං හිතේ හැටියට එයා දිහා බලාගෙන හිටියා...මට තේරුනා එයත් හොරෙන් හොරෙන්
මා දිහා බලනවා කියලා...ඔය ආඩම්බර නිල්පාට ඇස් දෙක අනේ මගේම වෙනවනම්...

ඔයා මගෙ වෙනවනම් මට මේ ලෝකයම ලැබුන වගේ...සත්තයි අද ඉදල මට හරියට
නින්ද යන්නෙ නැතිවෙයි...ඔව් ඔයා මගෙ හිතේ හැමතිස්සෙම හොල්මං කරද්දි මං කෝමද
හරියට ඇස් දෙක පියාගෙන නිදාගන්නෙ රත්තරන්....මේ ගෙවෙන හැම තත්පරයක් පාසා
එයා මගෙ හිතට ඇතුළු වෙන්නෙ හරියට මගෙ ලේ බිංදු ගලනවා වගේ...අදහන්න බෑ...

"විශ්වය නෙලා මා ගාව තැබුවා වගේ
 අදහන්න බෑ කිමිදෙන්නෙ රහසක් නොවේ
 බැල්මක ලියා තියයෙන පද පේලියේ
 සිරගතව මම රාත්‍රියේ......"

 -ස ජී-
(ස ජි ත්  ම දු රං ග)


No comments:

Post a Comment