"කාලෙකින් සවනතේ නුබේ හඩ ඇවිලුනා
මගේ හිතේ මතකයන් ආයෙමත් ඉගිලුනා
සතුටකුත් එකතු වී දුක්බරව හිනැහුනා
නුබේ රුව හදවතේ ආයෙමත් ඉදිවුනා...
සිත්තමක් රූ මවා අහස දිග යාවුනා
තරු එලිය සදවතට ඔච්චමින් ඉගි පවා
දම්පාට දේදුනුත් ක්ශිතිජයෙන් මතුවුනා
ඒ සදේ එලි තුඩක කදෝපැණියන් ඉගිලුනා...
ඒ සොදුරු මතකයට ආයෙමත් තිත තබා
හුරු හිතට නුහුරු බව පසක් කල නුඹ පවා
ආයෙමත් ගව් ගනන් උරුම දුක ලග තියා
මගේ නෙත නුබේ රුව සදහටම බොද කලා..."
-සජී-
" මගේ නෙත නුඹේ රුව සදහටම බොඳ කළා..."
ReplyDelete<3...