Thursday, June 12, 2014

"මගේ ලෝකෙ රජ්ජුරුවෝ නුඹයි තාත්තේ...

                                  "කොච්චරක් හීන තිබුනත් ඒ හැම එකටම උඩින් ඉන්නෙ මගෙ අප්පච්චි..මගෙ හිතේ උඩම තැන තියල වදින මගෙ අප්පච්චිට මන් හුගාක් ආදරෙයි..මගෙ ජීවිතේ ඉරයි හදයි අප්පච්චියි අම්මයි. අප්පච්චි ඉරට උපමා කරන්නෙ හුගාක් හේතු නිසයි මන්...

අපට කොච්චර හැඩට අදින්න පළදින්න ඇදුම් ගෙනත් දුන්නත් අප්පච්චි හැමදාම ඇන්දෙ පරණ ඇදුම්..ඒත් ඒව ඇන්දත් අපිට කවදාවත් පරණ වෙච්ච ඇදුමක් ඇන්දුවෙ නැහැ..ඒ අපට තියෙන ආදරේ නිසා..අවුරුද්දකට කියලවත් තමන්ට ඇදුමක් ගත්තෙ නැති අප්පච්චි සේරටම කලින් මට ඇදුම් ගෙනත් දුන්නා..

                                   ඉස්සර මායි අයියයි අප්පච්චි වැඩ ඇරිල එනකම් හැන්දෑවට ගේ ඉස්සරහ කඩුල්ල ගාවට වෙලා බලාගෙන ඉන්නවා..ඒ හැමදාම වගේ අයියටයි මටයි මොනාහරි ගේනහින්ද..අපි දෙන්න හැමදාම එයා එනකම් බලන් ඉන්න බව දන්න නිසා හැමදාම මොනවම හරි ගේනවා..අතේ සල්ලි තිබුනෙ නැතත් හංදියෙ කඩෙන් ණයට හරි මොනව හරි ගේන මගෙ අප්පච්චිට මන් ගොඩාක් ආදරෙයි..

                                   සමහර දවසට මල්පැණි චුට්ටක් කටේ ගාල ආවත් ඒ ඇවිත් චුට්ටක් අම්මත් එක්ක රණ්ඩු කරත් පහුවදාට ඒ සේරම අමතක කරල අපිත් එක්ක සතුටින් ඉන්න අප්පච්චිට අම්මවත් මොනාත් කියන්නෙ නැහැ..මුළු දවසම වැඩ කරල කරල ගතේ තිබුනු මහන්සියට මල්පැණි ඩිංගක් තොල ගෑවට කවදාවත් අප්පච්චි අම්මටවත් අපටවත් අතක්වත් උස්සල නැහැ..ඒ තරම් අපට ආදරෙයි...

                                  දැන් ටික ටික අපි ලොකු මහත් කරපු මගෙ අප්පච්චිට ටිකක් වයසයි..මන් කැම්පස් ගියපු දවසෙ ඉදන් ගෙදර එන්නෙ සති අන්තෙ නිසා අප්පච්චිට දැන් පාළු හුගක්..හැමදාම සිකුරාදට මන් ගෙදර ආවාම එදාට අප්පච්චිගෙ හිතේ තියෙන්නෙ පුදුමාකාර සන්තෝශයක්...මන් නැති දවසට නින්දෙනුත් මගෙ නම දොඩවනවළු..අම්ම මට කියද්දි මට දැනුනු පුදුමාකාර දුකක්..ඒ
මගෙ අත් දෙකින් රස්සාවක් කරල කීයක් හරි හම්බ කරල මගෙ අප්පච්චිට සලකන්න බැරි උන එකට...ඒක මතක් වෙද්දි මට හුගාක් දුකයි අප්පච්චි..

"ජැන්ඩි පහට නොඇන්දාට
ගෙදර චණ්ඩිකම් කරාට
මගේ ලෝකෙ රජ්ජුරුවෝ
නුබයි තාත්තේ..
පැණි ඩිංගක් තොල ගෑවට
කඩමණ්ඩියෙ ඇල උනාට
මගේ ලෝකෙ රජ්ජුරුවෝ
නුබයි තාත්තේ...

පාන්දරින් පිටඋනාම හැන්දෑවට නුඹ නාවම
මොකද මන්ද මේ හරිහැටි දුක එනවා
අතින් කටින් බඩු අරගෙන
ගෙයි පඩියට ඔබ එනවිට
මගේ හිතේ සින්නක්කර මල් පූදිනවා...

හරි සතුටුයි මට නුබ ගැන
මගෙ අතපය දැඩි කරගෙන
ඒත් මදිද හීනෙන් මන් ගැන දොඩවන්නෙ
තාමත් සලකන්න බැරිව
ඔබ දුක් විදිනව බල බල
කදුළුත් නෑ මැරෙන්නමයි
මට හිතෙන්නේ...."


-ස ජී-




 











No comments:

Post a Comment