Friday, June 20, 2014

"ඔයා නිදාගත්තෙ මත් එක්ක විතරමද...?


                             බැලූ බැලමට මේක කුණුහරුපයක් වගේ පෙනුනට මේ කියන්න යන්නෙ ආදරෙන් දොඩමළු වෙලා ඉන්න පෙම්වතුන් දෙන්නෙක්ගෙ ආදරනීය දෙබසක්..සිංහල ගීත අතර වියංගාර්ථයන් රචනා කර තිබෙන මේ සුන්දර ගීතය අප කවුරුත් හොදින් දන්නා හදුනන දිවුල්ගනේ සහ දීපිකා ප්‍රියදර්ශනී විසින් ගායනා කරන්නකි..

                             ප්‍රේමයෙන් මුසපත් වෙලා තම පෙම්වතිය හා කායික පහසකින් එක් වෙලා සිටින මොහොතක මෙම පෙවතුන්  යුවලට ඇතිවන සුන්දර ප්‍රශ්න කීපයක් ම් ගීතය තුල ඇතුලත් වෙලා තියනවා.. මේ තරුණ පෙම්වතා විසින් තම පෙම්වතියගෙන් අසනු ලබන සුන්දර ප්‍රශ්ණ ගණනාවක් මේ ගීතය තුල ඇතුලත් වෙනවා..ඇත්තටම සෘජුව මුහුණටම ඇසීමට නොහැකි මෙමෙ ප්‍රශ්ණ සියල්ල එකට කැටි කොට ඉතාමත් සුන්දර ලෙස ගීතයෙන් විචාරන අපූරුව නම් සුන්දරයි...

ඔයාගෙ සුමුදු මුහුණට දැනුනෙ මගෙ පහස විතරමද...?මෙසේ අසනු ලබන පෙම්වතාට හරි ලස්සන විදිහට පෙම්වතියගෙන් මෙහෙම ප්‍රශ්ණයක් ලැබෙනවා
ඔබේ ඔය දෙතොල් වල රැදි පහස දුන්නෙ මට විතරමද..?

                             මන් මෙහෙම ඔයාගෙ උකුලට වෙලා හිටියට ඔයාගෙ උකුලෙ නිදිවැරුවෙ මම විතරමද..ඇත්තටම ඔයාගෙ ඔය උකුලෙ පහස දැනුනෙ මට විතරමද කියල අහන ප්‍රේමවන්තයාට ආයෙත් පෙම්වතියගෙන් ලැබෙන්නෙ මෙවන් ප්‍රශ්නයක්..මන් මෙහෙම ඔයාගෙ උර තලයට වෙලා හිටියට ඔයාගෙ උර තලයට හිස හොවාගෙන හිටියෙ මන් විතරමද..?

ඉග නෙරියේ රැලි බින්දේ ප්‍රිය ලදුනේ මන් විතරද...?ප්‍රේමනීය හෝරාවක තම පෙම්වතියගෙ කායික පහස විදිමින් සිටින මෙම පෙම්වතාට ඇසීමට උවමනාව තිබෙන තවත් ප්‍රශ්නයක් තිබෙනවා..ඒ තමා ඔයාගෙ ඔය සාරිය ලිහිල් උනේ මගෙ අතින් විතරමද කියල...එයටත් නැවත සුන්දර විදිහට ප්‍රශ්ණයක් යොමු කරන මෙම පෙම්වතිය අසන්නේ
ඔයා මගෙ ඉග නෙරියෙ රැලි හැදුවට මගෙ විතරමද එහෙම කලේ කියල...

"මුදු මුහුණේ සුව දැනුනේ
 ප්‍රිය ළදුනේ මට විතරද
 ඔබෙ සුසුමේ සුව දැනුනේ
 හිමිසදුනේ මට විතරද...

 පුළුලුකුලේ සුව යහනේ
 නිදිවැරුවේ මන් විතරද
 උර තලයේ හිස රන්දා
 සුව වින්දේ මන් විතරද..

 ඉග නෙරියේ රැලි බින්දේ
 ප්‍රිය ළදුනේ මන් විතරද
 ඉග නෙරියේ රැලි හැදුවේ
 හිමිසදුනේ මන් විතරද..."

-ස ජී-
(ස ජි ත්  ම දු රං ග)




No comments:

Post a Comment