"හැමදාම වගේ මන් අදත් මගෙ අප්පච්චි බලන්න ආයෙත්
ගමට ආවා..හිතේ තිබුනු ගිමන් මහන්සියට මොහොතකට තිත තියල මන් දුවල ගියේ මගෙ
ලෝකෙ රජ්ජුරුවො දකින්න...මන් එනකම් හැමදාම බලාගෙන හිටපු බංකුව අද හිස්. හදවතේ ගැස්ම මොහොතකට නතර උනේ ගෙදර ඉස්සරහ උස්සල තිබුනු සුදු කොඩියට...
එදා වගේම මන් එනකම් බලන් හිටපු මගෙ අප්පච්චි සාලෙ මැද්දෙ නිසලව දෑස් පියාගෙන ඉන්නවා..මගෙ හිත කඩන් වැටුනෙ මහමෙර පවා නුහුලන දුකත් කැටි කරගෙනමයි...දෑස් අග දග කරන කදුළු කැට සිලි සිලියෙ කඩන් වැටෙද්දි මන් නිසල වෙලා තිබුනු මගෙ රජ්ජුරුවො බදාගෙන ඇඩුවා..ඔව් ඉර හද හේදෙන්න ඇඩුව..ඒත් වෙනද වගේ කට පුරා හිනැහිලා පුතේ කීව මගෙ රත්තරන් අප්පච්චි අද මුකුත් නොකියම හිනාවෙලා ඉන්නවා මගෙ දිහා බලාගෙන..
"සුදු පාට අරලියා මල් දෙවැටෙ පැටලිලා
මන් එද්දි හැමදාම ගේ දිහා බල බලා
නුඹ සිටිය ඉස්සරහ බංකුවේ හිනැහිලා
සුදු පාට කොඩිය දැක මගෙ හිතම ගැස්සුනා..
පෙර එදා මා ගියත් නුබ දමා ගම් මැද්දෙ
හිත තාම සුවද ඇත නොහිටියත් හිත අස්සෙ
නෑවිදින් බැරි දාට හිත පෙලන දුක පස්සෙ
මන් ඉතින් ගම ආව නුඹ බලා සැනසීමේ..
අත පයට වෙර විරිය දරාගෙන කුසගින්න
සරි කරයි හැමදාම අපේ හැම සතුටක්ම
දරාගෙන ඉහිළුවත් නොවිදිනා දුක් ගින්න
නුබ තවම මහළු නැත මගෙ හිතේ රජවෙන්න..
මගෙ හිතේ තිබූ බර හෙලාගෙන මග දිගට
නුඹ සොයා දිව ගියත් බලන්නට නුබෙ දෑස
හිත තෙමන සීතලට වැටුනු අග කදුළකම
අනේ මගෙ රජ්ජුරුවො සිටියෙ නිසලව දෑස…
කදුළු කැට දෙනෙත් අග රූරගෙන දැවටෙද්දි
කෑගසා හඩන්නට සිතුනි මට ලෝකයට
නිසල නුබෙ දේහයට පාත්වී හිස තියා
මට ඉන්න ඉඩ දෙන්න උණුහුමට ඉඩ තියා……
අමාවක සද නැගෙයි අහස බැද උඩු වියන්
මළානික මගෙ දෑස බිද දමා කදුළු කැන්
ආයෙමත් නුඹ නොයෙන ගමන මැද තනිකරන්
මළ බෙරය වැයෙනවා හද පෙලා සෝ දුකින්…
මගේ හද ඉකිගහන විලාපය අස්සෙ
වැහිළිහිනි රංචු ඉගිලුනා අහස මැද්දේ
නුබෙ සොහොන ඉහලට අහස් කුසේ
නැගුන දුක් කවි මගෙ හිතේ රහසේ..."
එදා වගේම මන් එනකම් බලන් හිටපු මගෙ අප්පච්චි සාලෙ මැද්දෙ නිසලව දෑස් පියාගෙන ඉන්නවා..මගෙ හිත කඩන් වැටුනෙ මහමෙර පවා නුහුලන දුකත් කැටි කරගෙනමයි...දෑස් අග දග කරන කදුළු කැට සිලි සිලියෙ කඩන් වැටෙද්දි මන් නිසල වෙලා තිබුනු මගෙ රජ්ජුරුවො බදාගෙන ඇඩුවා..ඔව් ඉර හද හේදෙන්න ඇඩුව..ඒත් වෙනද වගේ කට පුරා හිනැහිලා පුතේ කීව මගෙ රත්තරන් අප්පච්චි අද මුකුත් නොකියම හිනාවෙලා ඉන්නවා මගෙ දිහා බලාගෙන..
"සුදු පාට අරලියා මල් දෙවැටෙ පැටලිලා
මන් එද්දි හැමදාම ගේ දිහා බල බලා
නුඹ සිටිය ඉස්සරහ බංකුවේ හිනැහිලා
සුදු පාට කොඩිය දැක මගෙ හිතම ගැස්සුනා..
පෙර එදා මා ගියත් නුබ දමා ගම් මැද්දෙ
හිත තාම සුවද ඇත නොහිටියත් හිත අස්සෙ
නෑවිදින් බැරි දාට හිත පෙලන දුක පස්සෙ
මන් ඉතින් ගම ආව නුඹ බලා සැනසීමේ..
අත පයට වෙර විරිය දරාගෙන කුසගින්න
සරි කරයි හැමදාම අපේ හැම සතුටක්ම
දරාගෙන ඉහිළුවත් නොවිදිනා දුක් ගින්න
නුබ තවම මහළු නැත මගෙ හිතේ රජවෙන්න..
මගෙ හිතේ තිබූ බර හෙලාගෙන මග දිගට
නුඹ සොයා දිව ගියත් බලන්නට නුබෙ දෑස
හිත තෙමන සීතලට වැටුනු අග කදුළකම
අනේ මගෙ රජ්ජුරුවො සිටියෙ නිසලව දෑස…
කදුළු කැට දෙනෙත් අග රූරගෙන දැවටෙද්දි
කෑගසා හඩන්නට සිතුනි මට ලෝකයට
නිසල නුබෙ දේහයට පාත්වී හිස තියා
මට ඉන්න ඉඩ දෙන්න උණුහුමට ඉඩ තියා……
අමාවක සද නැගෙයි අහස බැද උඩු වියන්
මළානික මගෙ දෑස බිද දමා කදුළු කැන්
ආයෙමත් නුඹ නොයෙන ගමන මැද තනිකරන්
මළ බෙරය වැයෙනවා හද පෙලා සෝ දුකින්…
මගේ හද ඉකිගහන විලාපය අස්සෙ
වැහිළිහිනි රංචු ඉගිලුනා අහස මැද්දේ
නුබෙ සොහොන ඉහලට අහස් කුසේ
නැගුන දුක් කවි මගෙ හිතේ රහසේ..."
-ස ජී-
No comments:
Post a Comment