උදේ 7ට විතර මහ සද්දෙට කණ උඩින් වදින එලාම් එක Off කරන්න කියල හිතාගෙන 4න් එක අරන් බිත්තියෙ ගහල, ලාවට වගේ නින්දෙන් ඇහැරිලා යන්තම් කෑලි පහ විතරක් තෙමාගෙන බෝඩිමේ එකෙක්ගෙ T එකක් ඇදන් දෙයියනේ කියල මාසයක් විතර නොහෝදා අදින ජාතික ඇදුම වගේ තියෙන ඩෙනිම් කෑල්ල පට්ට ගහල, ඔළුවට ජෙල් තට්ටුවක් දාගෙන පුටාර් එකත් පැදන් අපිත් යනවා කැම්පස්...
මොකටද යන්නෙ කියල අහන්නෙපා...හරියෑ...උදේම තියෙන්නෙ මොනවද මොනව වෙනවද කියල අපි නම් ඕන් දන්නෙ නෑ..ඒක දන්නෙ කැම්පස් එක ඉස්සර තියෙන slide කඩේ අයියා තමා..මොකද ඌනෙ අපේ note හදන්නෙ..ඌ LMS එක පැත්තෙ ගිහින් බාලා හැදිගාල හදල තියෙන slide 1ත් අරන් තමා අපි දේසනේ වදින්න යන්නෙ..කිසිම කරදරයක් නෑ..ලෙචා ඇවිත් දිග අරින පට්ට අන්දරේ සේරම බඩු පිටින් අර slide එකේ තියෙනවනෙ..ඒ ඇති හොදටම...
මේ දේසනයක් දේසනයක් ගානෙම ඒව්වා තියෙන පොට් මාරු කරන වැඩේනම් අපිට පේන්න බෑ...ඇයි වදේ උදේට තියෙන තැන හොයා ගන්න ගියාම පශ්චාත් බාගෙ රිදෙනවා කැම්පස් එක වටේ ඇවිදලා...කොහොමින් කොහොමහරි තියෙන තැන GPS එකෙන් හරි හොයාගෙන අපි යනවා ලෙක්චොර්...යද්දි බඩු ඇවිත් අපි ඉතින් මළත් පිටිපස්සෙ හින්ද අව්ලක්ම නෑ...හැමදාම බුකින් සීට් එකට ගිහින් හරිබරි ගැහිල ඉදගන්නෙ අදවත් ලෙචා දෙන අකුරක්වත් තේරියන් කියලා..
විනාඩි වලින් හරියටම පෑ කාලක් විතර යද්දි එන නිදිමතට ඔළුව තියාගෙන ඔන්න අපිත් අකුරක් නෑර දේසනේ අහනවා..හැබැයි හීනෙන්..යන්තමට අල්ලපු එකා දාන තට්ටුවට උගෙ හත්මුතු පරම්පරාවම මතක කර කර නැගිටිද්දි බඩු හරි..මෙන්න බොලේ ඉස්සරහ උන් දමාගෙන ලියනවා..ඊට ටික වෙලාවකින් ලෙචා අහපි දැන් ඉවරද කියල...හත් ඉලව්වයි මෙන්න මූ Assgnment එකක් දීලා..අල්ලපු එකත් මෙලෝ දෙයක් නොදන්න උගුඩුවා වගේ බලාගෙන ඉන්නවා..ඇයි යකෝ මූ ඇහැරල ඉදලත් මොන ඉලව්වක් කලාද මන්දා..
දැන් ඉතින් ලෙචා පිටිපස්සට එන ගානට පිච්චි පිච්චි ඉන්නෙ...ලගට එද්දිම පොතයි slide එකයි පෙරලගෙන කටු ගානවා..ලෙචා හිතන්නෙ දැන් ලියල ඉවරයි කියල..යන්තමට ඇගට ලේ ටිකක් උනන්නෙ ලෙචා අදට ඇති හෙට එද්දි ඕක කරගෙන එන්න කියද්දි...
10-12 මොනවා තිබුනත් ඒකට දෙයියන්ගෙම පිහිටයි කියල කට් කරනවා එකෙන්ම...ඇයි අප්පා ඔය හැටි ලෙක්චර් යන්න පුළුවනෑ...ඒ වෙලාවට ඉතින් කැන්ටිමක් අස්සට ගිහින් මොනාහරි බඩට දාගන්න ඕනිනෙ..බඩ හිස්වෙන්න දෙන්න හොද නෑ...ඌ පව්නෙ...Open එකේ සුවදගෙ තෝසෙ දෙකයි සීනි කියන ජාතියක් අදුරන්නෙ නැති මෙලෝ රහක් නැති ප්ලේන්ටියයි ගහල එනවා ඉතින්..අතේ සතේ නෑ හිදිල හිදිල...
ඔහොම්ම කොහෙටහරි වෙලා බුලක් ගහල මොනා හරි කරල (කරන දේවල් අහන්නෙපා..ඒව්වා ප්‍රසිද්දියෙ කියන්න බෑ ඕන්..12ට විතර ඇවිත් ආයෙත් කාල යනවා ලෙක්චර්...ඇයි අප්පා මේ හැටි වද දෙන්නෙ අපිට..දානව නම් එකක් විතරක් දාපල්ල දවසට...අපි ඉතින් මෙව්වට ගිහින්යැ exam ගොඩ දාන්නෙ..කුප්පික් දාගත්තාම ලෙක්චර් 100ක් හිටිය වගේ..සේරම බඩු පිටින් කවර්..පුල් ඔප්සන්...කුප්පිය කරන එකාට හැබැයි බුදු සරණයි..මොකද ඌ හැම එකාටම කුප්පි දාල දාල පාඩම් කරන්න වෙලාවක් නෑනෙ...
කොහොමින් කොහොමහරි පැයක් විතර සැපට නින්දක් දාල යන්තම් ලෙචා දිහා බලාගෙන ඉදල ලෙක්චර් එක ඉවර උනාම එලියට එන්නෙ හරියට යුද්දෙකට ගිහින් එන රොබින් හුඩ් වගේ...මොකෝ දවල් වෙලාවෙ ලෙක්චර් එකේ පැය දෙකක් ඉන්නවා කියන්නෙ හරියට අපායෙ අවුරුද්දක් ඉන්නවා වගේනෙ..හැන්දෑවට බෝඩිම පැත්තට වෙලා රෑ දෙගොඩහරියක් වෙනකම් බුකියෙ බැහැල ඉදල රෑ 12ට විතර නිදාගන්නෙ හෙටත් උදේ පානදර නැගිටින්න ඕනිනෙ කියල දෙයියන්නට කිය කිය..ඔන්න ඔහොමළු අපේ කැම්පස් ජීවිතේ ගෙවිල යන්නෙ... (සැ:යු: මෙහි සදහන් ඇතැම් ක්‍රියාකාරකම් සමහරුන් විසින් නොකරන අතර ඒවා කතෲට පමණක් අදාල ඒව්වාය)
-ස ජී-
"කවිකාර සුළගට අසුවී ගසාගෙන යන කවිකාරයාගේ ආදරණීය කවි පද වැල්... Walking away from you...
Saturday, June 21, 2014
"කළාබර ආදරේ...
"ඔයාගෙ 'හාරත' රැජිණට
බාල්දු වෙච්ච මගේ
'කළාබර' හිත
දැන් දැන්
'ඉස්කෝප්ප' වෙලා
පණ අදිනවා 'රූවිතේට'..."
-ස ජී-
බාල්දු වෙච්ච මගේ
'කළාබර' හිත
දැන් දැන්
'ඉස්කෝප්ප' වෙලා
පණ අදිනවා 'රූවිතේට'..."
-ස ජී-
Friday, June 20, 2014
"ඔයා නිදාගත්තෙ මත් එක්ක විතරමද...?
බැලූ බැලමට මේක කුණුහරුපයක් වගේ පෙනුනට මේ කියන්න යන්නෙ ආදරෙන් දොඩමළු වෙලා ඉන්න පෙම්වතුන් දෙන්නෙක්ගෙ ආදරනීය දෙබසක්..සිංහල ගීත අතර වියංගාර්ථයන් රචනා කර තිබෙන මේ සුන්දර ගීතය අප කවුරුත් හොදින් දන්නා හදුනන දිවුල්ගනේ සහ දීපිකා ප්‍රියදර්ශනී විසින් ගායනා කරන්නකි..
ප්‍රේමයෙන් මුසපත් වෙලා තම පෙම්වතිය හා කායික පහසකින් එක් වෙලා සිටින මොහොතක මෙම පෙවතුන් යුවලට ඇතිවන සුන්දර ප්‍රශ්න කීපයක් ම් ගීතය තුල ඇතුලත් වෙලා තියනවා.. මේ තරුණ පෙම්වතා විසින් තම පෙම්වතියගෙන් අසනු ලබන සුන්දර ප්‍රශ්ණ ගණනාවක් මේ ගීතය තුල ඇතුලත් වෙනවා..ඇත්තටම සෘජුව මුහුණටම ඇසීමට නොහැකි මෙමෙ ප්‍රශ්ණ සියල්ල එකට කැටි කොට ඉතාමත් සුන්දර ලෙස ගීතයෙන් විචාරන අපූරුව නම් සුන්දරයි...
ඔයාගෙ සුමුදු මුහුණට දැනුනෙ මගෙ පහස විතරමද...?මෙසේ අසනු ලබන පෙම්වතාට හරි ලස්සන විදිහට පෙම්වතියගෙන් මෙහෙම ප්‍රශ්ණයක් ලැබෙනවා
ඔබේ ඔය දෙතොල් වල රැදි පහස දුන්නෙ මට විතරමද..?
මන් මෙහෙම ඔයාගෙ උකුලට වෙලා හිටියට ඔයාගෙ උකුලෙ නිදිවැරුවෙ මම විතරමද..ඇත්තටම ඔයාගෙ ඔය උකුලෙ පහස දැනුනෙ මට විතරමද කියල අහන ප්‍රේමවන්තයාට ආයෙත් පෙම්වතියගෙන් ලැබෙන්නෙ මෙවන් ප්‍රශ්නයක්..මන් මෙහෙම ඔයාගෙ උර තලයට වෙලා හිටියට ඔයාගෙ උර තලයට හිස හොවාගෙන හිටියෙ මන් විතරමද..?
ඉග නෙරියේ රැලි බින්දේ ප්‍රිය ලදුනේ මන් විතරද...?ප්‍රේමනීය හෝරාවක තම පෙම්වතියගෙ කායික පහස විදිමින් සිටින මෙම පෙම්වතාට ඇසීමට උවමනාව තිබෙන තවත් ප්‍රශ්නයක් තිබෙනවා..ඒ තමා ඔයාගෙ ඔය සාරිය ලිහිල් උනේ මගෙ අතින් විතරමද කියල...එයටත් නැවත සුන්දර විදිහට ප්‍රශ්ණයක් යොමු කරන මෙම පෙම්වතිය අසන්නේ
ඔයා මගෙ ඉග නෙරියෙ රැලි හැදුවට මගෙ විතරමද එහෙම කලේ කියල...
"මුදු මුහුණේ සුව දැනුනේ
ප්‍රිය ළදුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමිසදුනේ මට විතරද...
පුළුලුකුලේ සුව යහනේ
නිදිවැරුවේ මන් විතරද
උර තලයේ හිස රන්දා
සුව වින්දේ මන් විතරද..
ඉග නෙරියේ රැලි බින්දේ
ප්‍රිය ළදුනේ මන් විතරද
ඉග නෙරියේ රැලි හැදුවේ
හිමිසදුනේ මන් විතරද..."
-ස ජී-
(ස ජි ත් ම දු රං ග)
"ඔබ නැති මේ රැයට පුර සද එලිය කුමටද....
"වැව්කන්ඩිය උඩට වෙලා හැන්දෑවෙ මන් ඔහේ බලාගෙන උන්නා..ඈත කදු වැටි අස්සෙන්
රතු පාටින් දිලිසි දිලිසි මළානික ඉර අවරට යනවා..කදු වැටිය අස්සෙන් ඉතිරි
උන පුංචිම පුංචි අව්ව රැල්ලක් වැව් තලේට වැටිල ලස්සනට වැව් දියත් එක්කම හිනාවෙනවා..වැව් දිය නිසලයි හුළගක් එක්ක තාලෙට වැව් දිය රළ ගහනවා...මන් ඔහේ බලන් උන්නා වැව් කන්ඩියට වාරු දීගෙන..
ඉතිරි වෙච්ච ඉරේ අන්තිව අව් රැල්ලත් මැකිල ගියාට පස්සෙ හෙමි හෙමින් අදුරක් ඇවිත් මහකණදරාවම වෙලා ගත්තෙ ක්ෂණයකින්..ඒත් එක්කම ඈත අහසින් සද පායාගෙන ආවා..පුර පෝය ගෙවිල එතරම් දවසක් නැති හින්දමද මන්දා සද මුළුමනින්ම පායලා...සද කිරණ වැව් තලේට වැටුනා..වැව් දිය මත්තෙ සද කිරණ ලස්සනට හිනාවෙනවා..
ඒත් මගෙ හිත ඒ ලස්සන බලන්න සූදානම් නැහැ..මගෙ හිත පුරාම ඔයාගෙ සදක් වැනි රුව ඇදිල හදවතේ ගැස්මත් එක්කම මැකිල යනවා..ඔයා මගෙ හිතම පාළු කරල ගියාට පස්සෙ මට තවත් ලස්සනක් දකින්න ඕනි නැහැ කියල හිතුනා..වැව් ඉවුරෙ කෙකටියා මල් වලින් එන සුවදටවත් බැරි උනා ඔයාගෙ සුවද මගෙ හදවතින් උදුර ගන්න...
මේ මහකණදරා වැවේ වතුර තරමට මන් ඔයාට ආදරේ කලත් ඔයාට ඒක එක මොහොතකදි වැහි බිංදුවක් වගේ උනාම මන් කෝමද තවත් මේ වැව තරම් ඉතිරි වෙච්ච දුක් කන්දරාව උහුලගෙන සතුටින් ඉන්නෙ..ආයෙත් සතුටින් හිනාවෙලා වැව දිහා බලාගෙන ඉස්සර වගේ දාහක් බලාපොරොත්තු ගොඩ ගහන්නෙ කෝමද...
මට ආසයි ආයෙමත් අපි දෙන්නගෙ අතීතෙට යන්න...එදා වගේම වැව් ඉවුරෙ ගහක් යට වෙලා වැව දිහා බලාගෙන හුගාක් වෙලා ඉන්න..වැවට බැහැල නෙළුම් මල් කඩන් ඇවිත් කන්දෙ පන්සලට ගිහින් පූජා කරන්න..හැන්දෑවට මේ වගේම සද පායපු වෙලාවක ඔයාගෙ උරහිසට හිස තියාගෙන ඔයාගෙ මුදු සුවද විදින්න ආයෙමත් තියේනම්..එහෙනම් එදාට මේ සද, මේ වැව අපට ආයෙත් සුන්දර විදිහට හිනාවේවි නේද....?
"ඔබ නැති මේ රැයට
පුර සද එලිය කුමටද
ඔබ නැති මේ බිමට
නළමුදු සුවද කුමටද...
මහකණදරා වැවට සද වැටිලා
දියේ ගිලේවි විකල් වී
තුරු හිස හාදු දිදී උන් පෙරඋන්
කොහේ ගිහින්ද ඉගිල්ලී...
හමුවී ඇසට ඇසක් නැගු පහන්
නිවී ගියාද නොකල්හී
සුන්දර රාත්‍රියම මවෙත සිතින්
බලා හිදීවි නොසෙල්වී..."

"මචං සිගා...
"මචං උඹත් මන් වගේ තමයි
පිච්චිලා පිච්චිලා ඉවර උනාම
නිකම් අළු ටිකක් විතරයි..
උඹට නොකීවට මෙච්චර දවස්
මාත් ඔහොම තමයි..
මගෙත් අතීතෙ උඩ පිච්චිලා පිච්චිලා
ඉවරවෙලා ගිහින් නිකම්ම නිකම්
අළු ගොඩක් වෙලා ඉවරයි..
ඒත් මන් දන්නවා උඹ පිච්චෙන්නෙ
විනාඩි කීපයක් විතරයි
ඒත් මන් තප්පරෙන් තප්පරේ
පිච්චි පිච්චි ඉන්නෙ බන්
හැම වෙලාවෙම"
මොනා කරන්නද ජීවිතේහැටි
ඔහොමලු නේ...
-ස ජී-
Wednesday, June 18, 2014
"ආයෙත් ඇස් වලින් කතා කරන්න...
"බෞද්ධාලෝක මාවත පැත්තෙ ඉදල කෙලින්ම නිදහස් මාවත පැත්තට වාහනේ හැරෙව්වෙ හුගාක් හවස් වුන හින්ද අදවත් කලින් ගෙදර යන්න කියල හිතාගෙන..කොළඹ අහස අඩන්න පටන් අරන්..වැහි පාට මන්දාරමකින් අහස වහගෙන කදුළු හලනවා වගේ හිරිකඩ වැටෙන්න පටන් ගත්තා..මන් කව්ලුවෙ වීදුරුව යන්තමට උස් කරගෙන එලෙව්වා...
වැස්ස පටන් ගත්ත හින්දද මන්දා එක සීරුවට වාහන පෝළිම..රිය පෝලිමෙ තදබදයට අහුවෙන්න කලින් මන් වම් පැත්තට දාගෙන ඉදිරියටම ගියත් පාරෙ මැද්දෙ ලොකුවට ගහල තිබුනු රතු එලිය මගෙ වේගය අඩාල කරගෙන මාව නවත්ත ගත්තා...පොදෙන් පොදේ ගැහුව හිරිකඩ දැන් ලොකු වැහි බිංදු වෙලා ඇදගෙන වැටෙනවා..සීතල ටිකෙන් ටිකේ ඇගට දැනෙද්දි මන් ලොකු හුස්මක් අරන් එලියට පිම්ඹා...
නිදහස් මාවතේ නෙළුම් පොකුණට මෙහා පැත්තෙ බස් හෝල්ට් එකම පිරිලා..වැස්සෙන් බේරෙන්න කියල මිනිස්සු බස් හෝල්ට එක ඇතුලටම යනවා..මන් වාහන් තදබදය මැදින් හෙමින් බස් හෝල්ට් එක ගාවට කිට්ටු උනා..ඒ අතරෙ බස් හෝල්ට් එක ඉස්සරහ හිටපු ලස්සන ජෝඩුවක් මගෙ කාර් එකට අත දැම්ම..ලොකුවට Taxi කියල ගහල තිබුනු බෝර්ඩ් එකට මන් හැමදාමත් වෛර කලා..මොනව කරන්නද මගෙ රස්සාව වෙච්චකොට..
චුට්ටක් අයිනට කරල නවත්තලා වම් පැත්තෙ වීදුරුව පාත් කලාම අර අත දැම්ම තරුණය ඇවිත් මට කතා කලා..
"මල්ලි...නාරාහේන්පිටට යමුදු....?
"මන් ටිකක් කල්පනා කරල හා කියන්න වගේ ඔළුව වනල නගින්න කිව්වා...
අර තරුණයා තමන්ගෙ අතේ එල්ලිලා හිටපු කෙල්ලට නගින්න කියල පිටිපස්සෙ දොර ඇරල දීල ඔහුත් නැග්ගා...මන් ඉක්මනට වම් පැත්තෙ පාත් කරල තිබුන වීදුරුව උස්සගෙන වාහනේ ආපහු පාරට ගත්තා..තාම කලර් ලයිට් වැඩ...ටික වෙලාවකින් වාහන පෝලිම ඉදිරියට ඇදෙන්න ගත්තා...මන් ඉක්මනට යන්න කියල හිතාගෙන වාහනේ එලවන්න ගත්තා..
අර තරුණයගෙ අතේ එල්ලිලා හිටපු තරුණියට තිබුනෙ පුදුමාකාර ලස්සනක්..මන් හරියටම නොදැක්කත් වාහනේට නැග්ග වෙලාවෙදි දැක්ක මට එහෙම හිතුනෙ ඇත්තටම එයා ලස්සන නිසා...පැති කන්නාඩියෙන් මන් ඈව බලන්න උත්ස්සහ කලත් ඇතුලෙ කළුවර නිසා හරියටම පේන්නෙ නැහැ..ඒ තරුණිය අර තරුණයගෙ අතේ වෙලිලා මොනවදෝ මුමුණ මුමුන යනවා..
හ්ම්ම්ම්...අර තරුණයත් වැඩි උවමනාවක් නැතුව වගේ ඒවට කන් දීගෙන යනවා..
ඇතුලෙ කළුවර හොදට වැඩි කියල හිතාගෙන මන් ඇතුලෙ ලයිට් එක පත්තු කලේ පැති කන්නාඩියෙන් එලියත් බලාගෙනමයි...වැස්ස එක දිගට වාහන යන්නෙ ගොඩාක් හෙමින්..මන් ටිකක් වාහනේ වේගය අඩු කලා...වේගය අඩු කරල මන් අර ජෝඩුව දිහා හොරෙන් වගේ එක පාරක් පැති කන්නාඩියෙන් බැළුවා...
මගෙ දෙනෙත් ඉස්සරහ අකුණක් ගැහුව වගේ අදහ ගන්න බැරිව ගියා...ඒ..හිටියෙ හිරු..අර තරුණයගෙ අතේ එල්ලිලා මෙච්චර වෙලා පෙම්බස් මුමුණ මුමුන ඉදල තියෙනෙ හිරු..මන් ආයෙමත් හොදටම මගේ ඇස් විශ්වාස කරගන්න හොදටම එයා දිහා බැළුවා..ඔව්...ඒ හිරු...එයා මාව දකින්න නැතිව ඇති..මගෙ ඔළුවෙ තිබුන කැප් එකට මගෙ මූනම වැහිල..
එයා සීතලට තුරුල් වෙලා අර තරුණයගෙ අතේ එල්ලිලා යනවා...මගෙ හිත මහා දුකකින් පිරිල ඉතිරිලා ගියා...
හිරු කියන්නෙ මන් ආදරය කරපු කෙනා..ගොඩාක් පෝසත් පවුලක උන්නු හිරුට ආදරය ඒ ගෙදර වාහනේ එලවපු ඩ්‍රයිවර්...ඒ මම...හිරු මගෙන් ආදරය ඉල්ලපු දවසෙ ඉදල මන් මේ වෙනකම් එයාට ආදරය කලා..අපි දෙන්නගෙ නොගැලපෙන සම්බන්දෙ දැන ගත්ත එයාගෙ තාත්තා මාව ඒ ගෙදරින් එලවලා දානකම් එයා මට ආදරේ කරා...
කාලය කොච්චරක් ගෙවිල ගියත් මතකය නම් ගොඩාක් අළුත් ඒ වගේම සුවදයි..මගෙ හිතේ ඇවිලෙන පෙර මතක අස්සෙ වැහි බිංදුත් පරදගෙන මතක වැහි බින්දු මගෙ හදවත ඇතුලටම වැටෙනවා...මුලු පපුවම තෙත් කරන්..එයා දැන් වෙන කෙනෙක් එක්ක...ඒ අතරෙ මාත් එයාට ඉස්සරහින් ඉදගෙන යනවා..පුදුමයි..මන් නිකම්ම නිකන් මතකයන් ගොන්නක් එක්ක පුස්කාපු අතීතෙක ජීවත් වෙනවා..
මට ආයෙමත් එයා දිහා බලන්න ඕනි උනා..ඒත් ඒක කරන්න තරම් මගෙ හිත හයිය නැහැ දැන්...මන් හිතට වෙර දරාගෙන ආයෙමත් පිටිපස්ස හැරිල බැලුවා..එයා තාමත් අර තරුණයට තුරුළු වෙලා..එයා දන්නවනම් මේ ඉස්සරහ ඉදන් වාහනේ එලවන්නෙ දවසක් හරි එයා ආදරේ කරපු කොල්ල කියල..දෙයියනේ මොනව නම් හිතේවිද...තප්පරයකටවත් මන් දිහා බැලුවනම් මට ඒක ඇති...
වැස්ස පායලා නාරාහේන්පිට හන්දියටත් ඇවිත්..මන් පාරෙ අයිනකට කරල වාහනේ නැවැත්තුවා..අර තරුණයා මගෙ දිහාට දාහෙ කොලයක් දික් කරල ආ මේක ගන්න මල්ලි කියල කිව්වා..මන් පිටිපස්ස නොබලම ඒක අතට අරන් රුපියල් 300ක් ඉතුරු දුන්නා..අර තරුණයා වාහනෙන් බැහැල හිරුගෙ අත අල්ලගෙන එයාව වාහනෙන් බැස්සුවා..
මොහොතකට හරි එයාගෙ ඇස් ආයෙත් බලන ඕනිකම හොදටෝම හිතට දැනුනත් මන් අමාරුවෙන් හිත හදාගෙන වාහනේ හරව ගත්තෙ ආයෙමත් මට කවදාවත් හිරුව මුණ ගැහෙන්න එපා කියල..ජීවිතේ කවමදාකවත්...මොකද මට බැහැ ආයෙමත් ඒ ඇස් වලින් දුක අහුලන්න...
"මුතුකුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලේනී
එබී බලා රිය කව්ළු දොරින්
යටගිය දවසේ දෑස ගියා ඉගිලී...
අදුරු ලලා සෙන්කඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමි ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමන්තලේ...
රිය ඇතුලේ උණුහුම ඔබට දිදී
නහවයි මා රියසක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රියසක දන්නේ..."

Thursday, June 12, 2014
" අම්මගෙ නම මම පපුවෙ කොටනවා - ඉදිකටු මිටියෙන් හැඩට ඇතී..."
"බිදෙන් බිද වැටෙන වැහි පොද දිහා බලාගෙන මන් කල්පනා කරේ යකඩ කූරු වලට ඔළුව
ගහගෙනමයි..පපුවෙ ඇවිලෙන ගින්දර මැදින් මට මතක උනේ මගෙ අහිංසක
අම්මවයි..අම්මා දැන් මොනව කරනව ඇතිද..කොච්චරක් නම් මන් ගැන හිතල් දුක් වෙනවා ඇතිද කියල මතක් වෙද්දි මගෙ පපුව හෝස් ගාල පිච්චිලා යනවා..
අහස උසට තියෙන කම්බි තාප්ප මැද්දෙ මන් හිරවෙලා..දවස ගානෙම ගෙවෙන හැම මොහොතක් ගානෙම මැරි මැරී උපදින මගෙ ජීවිතේ දැන් ගෙවෙන්නෙ මේ කම්බි කූරු මැද්දෙ උනේ කොහොමද කියල මන් දන්නවා..අම්මාගෙ වචන ටික හොදින් ඇහුවනම් මට කවදාවත් මෙහෙම වෙන්නෙ නෑ කියල මට දැන් හිතෙනවා මගෙ අම්මෙ..ඒත් මගෙ කරුමෙට මට අම්මට වඩා මගෙ පව්කාර යාළුවො ටික ලොකු උනා..
දවස තිස්සෙම වැඩ කරල පෝලිමට තැටියත් අරන් දියලුණු බත් එක කන්න යද්දි මට හැමදාම මතක් වෙන්නෙ අම්මගෙ බත් එක...අම්මගෙ අතින් උයල අම්මගෙ අතින් කවපු ඒ බත් ටික අදටත් මතක් වෙද්දි ඇහේ කෙළවර කදුළු මතුවෙන්නෙ මටවත් නොදැනීමයි...
ඈතින් ඇහෙන නුවර පන්සලේ ගණ්ඨර සද්දෙට කණ තියාගෙන මන් හැමදාම රෑට අත්දෙක එකතු කරල බුදුන් වදින්නෙ ඉක්මණට මේ කම්බි කූරු අස්සෙන් අම්මා ගාවට එන්න ලැබෙන්න කියලයි අම්මේ..අම්මගෙ පරණ චීත්ත කෑල්ලට ඔළුව තියාගෙන නිදාගද්දි මට දැනෙන්නෙ මගෙ අම්මා මන් ගාවම ඉන්නව කියලයි..අම්මගෙ උණුහුමට ගුලිවෙලා නිදාගත්ත මන් අද අම්මගෙ චීත්ත කෑල්ලකට ඔලුව තියාගෙන කොන්ක්‍රීට් බංකුවක් උඩ නිදාගන්නවා..ඒ හැම මොහොතකම අම්මගෙ උනුහුම මට දැනෙනවා අම්මේ..
මෙහෙ ඉන්න සේරම අය තමන් ගැනම පසුතැවි තැවී හිතෙන් දුක් විදිනවා..දැන් සේරම දුප්පත් පෝසත් කියල බේදයක් නැතිව එකට හිරබත් කද්දි හිතට දැනෙන්නෙ පුදුම තරම් අසරණ කමක් අම්මෙ..රජවරු සිටුවරු හැමදෙනාම තමන්ගෙ වැරදි වලට මෙහෙ ඇවිත් පසු තැවෙනවා අම්මෙ..
මන් කවදාහරි මෙහෙන් නිදහස් වෙලා ආව දවසට අම්මවත් එක්කන් නුවර මාළිගාවට එනවා..ඒ ඇවිත් ලොකු නෙළුම් මල් වට්ටියක් අම්මගෙ අත් දෙකින් පූජා කරල මගෙ අම්මට පින් දෙනවා...මගෙ මේ පපුවෙ ඇවිලෙන ගින්දර මැකෙන්න මන් එදාට අම්මගෙ නම පපුවෙ කොටනවා..එදාට මන් ආඩම්බරෙන් අම්මට තුරුල් වෙලා ඉන්නවා මගෙ අම්මෙ..ඔව් මගෙ රත්තරන් අම්මට තුරුළු වෙලා
හැමදාම ඉන්නවා අම්මෙ...
"කම්බි තාප්පෙට හිරකරගෙන මා
අහස දිහා බලමින් අම්මේ
මන් කල වරද කියාපන් උඹවත්
හුළග දිගේ ඇවිදින් අම්මේ...
මළහිරු බැස යනවිට නිල් අහසේ
නුවර පන්සලෙ හඩ අම්මේ
තැටිය අරන් පෝලිමට දුවනවා
වදින්නෙ මහ රෑටයි අම්මේ...
පරණ චීත්තෙට ඔළුව තියාගෙන
පන් පැදුරේ සුව පහස ලැබී
පුංචි කාලෙ ඉදලම දුක් වින්දා
කොස් ඇට වල රහ හොදට දැනී...
අම්මට තනියම නුවර එන්න බෑ
බෝගම්බර මහ සයුර වැනී
අම්මගෙ නම මම පපුවෙ කොටනවා
ඉදිකටු මිටියෙන් හැඩට ඇතී...
වාට්ටුවේ අය එකා වගේමයි
පසු තැවි තැවි තනියම හඩලා
රජසිටු මැතිවරු ලෝකෙ දකින්නේ
මෙතන ඇවිල්ලයි දුක දැකලා...
තනිපංගලමේ මහ රෑ යාමේ
නුඹ හඩනා හැටි මට මැවිලා
කම්බි කූරු වල ඔළුව ගහනවා
පපුවේ ගින්දර මට දැනිලා...

"මගේ ලෝකෙ රජ්ජුරුවෝ නුඹයි තාත්තේ...
"කොච්චරක් හීන තිබුනත් ඒ හැම එකටම උඩින් ඉන්නෙ
මගෙ අප්පච්චි..මගෙ හිතේ උඩම තැන තියල වදින මගෙ අප්පච්චිට මන් හුගාක්
ආදරෙයි..මගෙ ජීවිතේ ඉරයි හදයි අප්පච්චියි අම්මයි. අප්පච්චි ඉරට උපමා කරන්නෙ
හුගාක් හේතු නිසයි මන්...
අපට කොච්චර හැඩට අදින්න පළදින්න ඇදුම් ගෙනත් දුන්නත් අප්පච්චි හැමදාම ඇන්දෙ පරණ ඇදුම්..ඒත් ඒව ඇන්දත් අපිට කවදාවත් පරණ වෙච්ච ඇදුමක් ඇන්දුවෙ නැහැ..ඒ අපට තියෙන ආදරේ නිසා..අවුරුද්දකට කියලවත් තමන්ට ඇදුමක් ගත්තෙ නැති අප්පච්චි සේරටම කලින් මට ඇදුම් ගෙනත් දුන්නා..
ඉස්සර මායි අයියයි අප්පච්චි වැඩ ඇරිල එනකම් හැන්දෑවට ගේ ඉස්සරහ කඩුල්ල ගාවට වෙලා බලාගෙන ඉන්නවා..ඒ හැමදාම වගේ අයියටයි මටයි මොනාහරි ගේනහින්ද..අපි දෙන්න හැමදාම එයා එනකම් බලන් ඉන්න බව දන්න නිසා හැමදාම මොනවම හරි ගේනවා..අතේ සල්ලි තිබුනෙ නැතත් හංදියෙ කඩෙන් ණයට හරි මොනව හරි ගේන මගෙ අප්පච්චිට මන් ගොඩාක් ආදරෙයි..
සමහර දවසට මල්පැණි චුට්ටක් කටේ ගාල ආවත් ඒ ඇවිත් චුට්ටක් අම්මත් එක්ක රණ්ඩු කරත් පහුවදාට ඒ සේරම අමතක කරල අපිත් එක්ක සතුටින් ඉන්න අප්පච්චිට අම්මවත් මොනාත් කියන්නෙ නැහැ..මුළු දවසම වැඩ කරල කරල ගතේ තිබුනු මහන්සියට මල්පැණි ඩිංගක් තොල ගෑවට කවදාවත් අප්පච්චි අම්මටවත් අපටවත් අතක්වත් උස්සල නැහැ..ඒ තරම් අපට ආදරෙයි...
දැන් ටික ටික අපි ලොකු මහත් කරපු මගෙ අප්පච්චිට ටිකක් වයසයි..මන් කැම්පස් ගියපු දවසෙ ඉදන් ගෙදර එන්නෙ සති අන්තෙ නිසා අප්පච්චිට දැන් පාළු හුගක්..හැමදාම සිකුරාදට මන් ගෙදර ආවාම එදාට අප්පච්චිගෙ හිතේ තියෙන්නෙ පුදුමාකාර සන්තෝශයක්...මන් නැති දවසට නින්දෙනුත් මගෙ නම දොඩවනවළු..අම්ම මට කියද්දි මට දැනුනු පුදුමාකාර දුකක්..ඒ
මගෙ අත් දෙකින් රස්සාවක් කරල කීයක් හරි හම්බ කරල මගෙ අප්පච්චිට සලකන්න බැරි උන එකට...ඒක මතක් වෙද්දි මට හුගාක් දුකයි අප්පච්චි..
"ජැන්ඩි පහට නොඇන්දාට
ගෙදර චණ්ඩිකම් කරාට
මගේ ලෝකෙ රජ්ජුරුවෝ
නුබයි තාත්තේ..
පැණි ඩිංගක් තොල ගෑවට
කඩමණ්ඩියෙ ඇල උනාට
මගේ ලෝකෙ රජ්ජුරුවෝ
නුබයි තාත්තේ...
පාන්දරින් පිටඋනාම හැන්දෑවට නුඹ නාවම
මොකද මන්ද මේ හරිහැටි දුක එනවා
අතින් කටින් බඩු අරගෙන
ගෙයි පඩියට ඔබ එනවිට
මගේ හිතේ සින්නක්කර මල් පූදිනවා...
හරි සතුටුයි මට නුබ ගැන
මගෙ අතපය දැඩි කරගෙන
ඒත් මදිද හීනෙන් මන් ගැන දොඩවන්නෙ
තාමත් සලකන්න බැරිව
ඔබ දුක් විදිනව බල බල
කදුළුත් නෑ මැරෙන්නමයි
මට හිතෙන්නේ...."

Friday, June 6, 2014
"අප්පච්චි මන් ආයෙත් ගෙදර ආවා....
"හැමදාම වගේ මන් අදත් මගෙ අප්පච්චි බලන්න ආයෙත්
ගමට ආවා..හිතේ තිබුනු ගිමන් මහන්සියට මොහොතකට තිත තියල මන් දුවල ගියේ මගෙ
ලෝකෙ රජ්ජුරුවො දකින්න...මන් එනකම් හැමදාම බලාගෙන හිටපු බංකුව අද හිස්. හදවතේ ගැස්ම මොහොතකට නතර උනේ ගෙදර ඉස්සරහ උස්සල තිබුනු සුදු කොඩියට...
එදා වගේම මන් එනකම් බලන් හිටපු මගෙ අප්පච්චි සාලෙ මැද්දෙ නිසලව දෑස් පියාගෙන ඉන්නවා..මගෙ හිත කඩන් වැටුනෙ මහමෙර පවා නුහුලන දුකත් කැටි කරගෙනමයි...දෑස් අග දග කරන කදුළු කැට සිලි සිලියෙ කඩන් වැටෙද්දි මන් නිසල වෙලා තිබුනු මගෙ රජ්ජුරුවො බදාගෙන ඇඩුවා..ඔව් ඉර හද හේදෙන්න ඇඩුව..ඒත් වෙනද වගේ කට පුරා හිනැහිලා පුතේ කීව මගෙ රත්තරන් අප්පච්චි අද මුකුත් නොකියම හිනාවෙලා ඉන්නවා මගෙ දිහා බලාගෙන..
"සුදු පාට අරලියා මල් දෙවැටෙ පැටලිලා
මන් එද්දි හැමදාම ගේ දිහා බල බලා
නුඹ සිටිය ඉස්සරහ බංකුවේ හිනැහිලා
සුදු පාට කොඩිය දැක මගෙ හිතම ගැස්සුනා..
පෙර එදා මා ගියත් නුබ දමා ගම් මැද්දෙ
හිත තාම සුවද ඇත නොහිටියත් හිත අස්සෙ
නෑවිදින් බැරි දාට හිත පෙලන දුක පස්සෙ
මන් ඉතින් ගම ආව නුඹ බලා සැනසීමේ..
අත පයට වෙර විරිය දරාගෙන කුසගින්න
සරි කරයි හැමදාම අපේ හැම සතුටක්ම
දරාගෙන ඉහිළුවත් නොවිදිනා දුක් ගින්න
නුබ තවම මහළු නැත මගෙ හිතේ රජවෙන්න..
මගෙ හිතේ තිබූ බර හෙලාගෙන මග දිගට
නුඹ සොයා දිව ගියත් බලන්නට නුබෙ දෑස
හිත තෙමන සීතලට වැටුනු අග කදුළකම
අනේ මගෙ රජ්ජුරුවො සිටියෙ නිසලව දෑස…
කදුළු කැට දෙනෙත් අග රූරගෙන දැවටෙද්දි
කෑගසා හඩන්නට සිතුනි මට ලෝකයට
නිසල නුබෙ දේහයට පාත්වී හිස තියා
මට ඉන්න ඉඩ දෙන්න උණුහුමට ඉඩ තියා……
අමාවක සද නැගෙයි අහස බැද උඩු වියන්
මළානික මගෙ දෑස බිද දමා කදුළු කැන්
ආයෙමත් නුඹ නොයෙන ගමන මැද තනිකරන්
මළ බෙරය වැයෙනවා හද පෙලා සෝ දුකින්…
මගේ හද ඉකිගහන විලාපය අස්සෙ
වැහිළිහිනි රංචු ඉගිලුනා අහස මැද්දේ
නුබෙ සොහොන ඉහලට අහස් කුසේ
නැගුන දුක් කවි මගෙ හිතේ රහසේ..."

"මන්දාරම් අදුර මැදින්....
“වැහි පාට
මන්දාරමකින් අහස වෙලාගෙන හිටපු උදේ වරුවක ලෙක්චර් එක ඉවරවෙලා හෝල් එකෙන්
එලියට ආවාම තමයි දැක්කෙ උදේ ඉදන් අමනාප වෙලා හිටපු අහස අඩන්න අරන් වග.එක
දෙක වැටෙන වැහි කුඩු මගෙ සියොලගම දැවටෙද්දි මන් ඉක්මනට කොරිඩෝවෙ නොතෙමෙන තැනකට දිව්වා…
එන්න එන්නම රළු කරන වැස්ස දිහා බලාගෙන මන් මටම දොස් තියාගත්තා…ඒ මගෙ තිබුනු කම්මැලිකමට.අතට අරන් ආපහු තියල ආපු කුඩේ දැන් මට හිනැහෙනවා ඇති හොදටෝම…
මට එහා පැත්තෙ ලස්ස්න කුරුළු ජෝඩුවක් හිටියා..ම්ම්ම් වැහි සීතලට එක කුඩයක් යටට වෙලා හීතලට ගුලි වෙලා ඉන්න අපූරුව…හ්ම්ම්ම් මන් හොරැහින්ම ඔවුන්ගෙ ප්‍රේමාන්විත ඉසව්වට කන් දීගෙනම උන්නෙ හරි ආසාවකින්.ගතුවක් කියන්න නොහිතුනා නෙවේ…ඔයාලට මන් මේ කියන්නෙ ඒ ගතුවයි..හරි ආදරෙන් පපුවට තුරුල් වෙලා ඉන්න හැටි දැක්කාම හීල්ලුනා මටත්…
කුරුල්ලා රහසේම වටපිට බලලා කිරිල්ලියගෙ කම්මුලක් සිප ගත්තා..එක පාරටම ලැජ්ජාවට වගේ නෙතු උස්සලා බලලා තවත් පපුවට තුරුලු උනා..හ්ම්ම්ම්…වැස්සත් ටිකෙන් ටිකේ පායාගෙන එනවා..ඒත් තාම හිරිකඩ කඩන් වැටෙනවා…යන්දෝ නොයම්දෝ කියල කල්පනා කර කරම මන් ලතැවෙනවා..
අර කුරුළු ජෝඩුවත් යන්නද කොහෙදෝ හදන්නෙ..ඔවුන් අත තිබුනු එකම එක කුඩේ යටට තුරුල් වෙලා එලියට බැස්සා…එයාලට ටික දුරක් යන්න ඇරලා මාත් එලියට බැස්සෙ හිරිකඩට මූණ හරවගෙනමයි..
මන් ඉදිරියෙ යාර ගානක් දුරින් අර ජෝඩුව තුරුළු වෙලා යන අපූරුව..මටත් මගෙ අතීතෙ මතකෙට ආවා..ආයෙමත් ඉකිගහන අතීතෙ ගොඩදාන්න මන් කැමති උනේ නැහැ..ඒත් යටි හිතේ පෙළ ගැහිල තිබුනු ඒ සොදුරු දවස් මගෙ ඉස්සරහ ආයෙමත් සිතුවම් උනා..
“පැටියෝ…අපි දැන් යමුද..වැස්ස ටිකක් පායලා…”හීතලට මගෙ පපුවෙ ගුලි වෙලා උන්නු එයාගෙන මන් අහද්දි නැතු උස්සලා බලල හා කියන්න වගේ ඔළුව වැනුවා…මන් එයා එක්ක අත තිබුනු එකම එක කුඩේ යටින් පාරට ආවා..
“ම්ම්ම්ම්…මාව තෙමෙනවා පැටියෝ…මෙහෙට කරන්නකො චුට්ටක්….”
“ආ…මට බැහැ එතකොට මන් තෙමෙනවනෙ…”
“අනේ….කෝ චුට්ටක්...
"ම්ම්ම් ආ මැණික..මන් හෙමීට වට පිට බලල එයාගෙ කම්මුලට හාදුවක් තිබ්බා...කවුරුවත් බලන් හිටියත් කමක් නෑ කියල මට හිතුනා...
හෙමින් සැරේ මතක එක දෙක මතක් වෙද්දි මටත් නොදැනීම මන් ගොඩාක් දුර ඇවිත්...මට ඉස්සරහින් ගියපු කුරුළු ජෝඩුව ඈතින් යනවා දැක්කා..
මට ආයෙත් ඉස්සර වගේ එයා එක්ක මේ වගේ වැස්සෙ යන්න තියේනම්..හිරිකඩ ගහන වැහි හුලන් මැද්දෙ හීතලට තුරුළු වෙලා ඉන්න අනේ මට ආයෙත් යන්න තිබුනනම්....

"මංදාරම් අදුර මැදින්
හිරිකඩ වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්...ඔබ සිටියා නම්...
තනියමවත් යන්නට මදි
කුඩේ යටින් නුබේ ලගින්
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුනා..යන්නට තිබුනා...
මග යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා
කොපුලේ වැහි බිදුවක රස
බලන්න තිබුනා..බලන්න තිබුනා..."
-ස ජී-
Thursday, June 5, 2014
Subscribe to:
Posts (Atom)