Friday, April 25, 2014

"සිහිනයට ඉඩ දෙන්න..

                      "මම රෑට හදිසියේ අවදි වෙන්වා..මට නින්දෙන් කල්පනා වූ දේ මම පොතක
ලියනවා.එහෙම නැතිනම් උදේ වෙද්දි රෑ පෙනෙන දේ අමතකයිනෙ...දවසක් මේ විදිහට මට
හදිසියේ අවදි වුනේ නින්දෙදී කල්පනා වූ කරුණක් නිසයි..මම සිහිනය බැලීම නවතා පියවි
ලෝකයට ආවා.එදා එලිවනතුරු මම වැඩ කලා.. සැලසුම් කලා පාන්දර වෙද්දි මට හිතෙනවා
මේ සැලැස්ම නම් හරි යාවි කියල.."

මේ ඔබ කියෙව්වේ ලෝකයෙ අංක එකේ බිලියනපතියකුගේ සටහනක්. ඇත්තටම මොහු සිහින
දැක්කා. ඒ සිහින පස්සෙ දුවගියා.එම සිහින සාර්ථක කර ගත්තා..තමන් මැවූ සිහිනය පිළිබද
මෙලෙස සටහනක් තැබූ මොහු කව්ද කියා ඔබ සිතනවා ඇති..මේ තමයි ලෝකයේ පළමු
ධනවතුන් දසදෙනා අතර වැජඹෙන ඇමරිකන් ඩොලර් බිලියන ගනනක හිමිකරුවකු වන
39 හැවිරිදි "ලැරී පේජ්" ලැරී පේජ් කීවාට ඔබට හදුනා ගැනීමට අපහසු ඇති..නමුත්
Google යන වචනය නම් ඔබේ කණට හුරු පුරුදු ඇති...



ඒ තමයි මේ පුද්ගලයා බිහිකල සුවිශේශිත උපාංගය ..Google යනු ලෝකයේ අන්තර්ජාලය බාවිතා
කරනවුන් හට නැතිවම බැරි දෙයකි..යම් හෙයකින් Google නොතිබුනා නම් අප ජීවිතය
බොහෝ සේ අඩාල වේවි..ලෝකයේ ජනප්‍රියතම සෙවුම් යන්ත්‍රය මෙයයි..සිහිනයන් තුලින්
ඉටුකර ගත් මෙම ඉලක්කය පිළිබද වරෙක ලැරී විසින් ප්‍රකාශ කලේ ඉහත ආකාරයෙනි..

ලැරී වයස අවුරුදු 23 දී පමණ සිහිනයක් දැක්කා..ඒ තමයි අන්තර්ජාලය බාවිතා කරන
පුද්ගලයන් මුහුණපාන ගැටළුවක් පිළිබද..අන්තර්ජාලයෙ යමක් සෙවීමට වඩා පහසු සෙවුම්
උපාංගයක් පිළිබද අදහසක් සහිතව ලැරී තම ඉලක්කය පසුපස ලුහුබැන්දා..ඔහුට උවමනා වුනේ
ලෝකයේ පළමු පෙලේ ධනවතෙකු වීමටවත් ලෝකයේ ජනප්‍රියතම පුද්ගලයකු වීමටත් නොව
ලෝකයම මුහුණපාන මෙම ගැටළුවට විසදුමක් සෙවීමයි..නමුත් ඔහුගේ කැපවීමට හා වාසනාවට
ඔහු අද ලෝකයේ පළමු ධනවතුන්ගෙන් එක් අයෙක්..

ලැරී තම විශ්වවිද්යාලයේ ඇදුරකු හට තම සැලැස්ම පිළිබද ප්‍රකාශ කර සිටියා..එහි අඩුපාඩු
බොහෝමයක් තිබුනත් ඒවා පිළිබද අඩුපාඩු නොකියා කාරුණික මගපෙන්වීමක් ඔහුවෙත
ලබාදීමට ඇදුරුතුමා කටයුතු කරනු ලැබුවා.ඒ තුලින් පන්නරයක් ලබාගත් ලැරී තම හොදම
යහළුවා වන සර්ජි සමග අවසානයේදී Google සෙවුම් යන්ත්‍රය බිහි කරන්නේ බොහෝ කැප
කිරීම් හරහාය..

වරෙක මිචිගන් විශ්වවිද්යාලයේදී ලැරී දේශනයක් පවත්වනු ලබනවා..මේ දේශනය මහත්සේ
ජනප්‍රියත්වයට පත්වෙනවා..එහිදී ලැරී විසින් අවදාරණය කරනු ලබන්නේ සිහිනයන් දැකීම
හා ඒවා යථාර්තයක් බවට පත් කරගන්නා ආකාරයයි..ලැරී විසින් අවධාරණය කරන්නේ
දිනක තමන් මවන සිහිනය අත් නොහරින ලෙසයි..ලෝකයේ පවතින බොහෝ ප්‍රශ්නවලට
විසදුම ඒවා පිළිබද නිතරම සිතමින් සිහින දැකිම හා ඒවා ගොඩනැගීමයි..මේ තුලින් නව අදහස්
හා නව නිර්මාණ බිහිවන බව ලැරී විසින් ප්‍රකාශ කරනු ලබයි..

අප අද දකින යම් සිහිනයක් කවදාක හෝ අපේ වාසනාවද වියහැකියි..බොහෝ කැපවීම
හරහා ලබාගත් දෙයක් විනාශ නොවේ..ඒවා විනාශ කිරීමටද නොහැකිය..සිහිනයන්
දකින්න..ඒවා පසුපස දුවන්න..ඔබ ඇද වැටේවි..නමුත් වැටි වැටී දුවන්න..ඔබ කවදා හෝ
සාර්ථකත්වය උදා කර ගනීවි...විශ්වාස කරන්න..

පොත්පත් ඇසුරිනි...
-ස ජී-
(ස ජි ත්  ම දු රං ග )


Wednesday, April 16, 2014

""හිතුවක්කාරකම්...














"හිතුවක්කාරකම් වුනත් වෙලාවට
සුන්දරයි නොකියාම උන්නාට
තරහින් රතු කරන් හිටියාට
තාම මං ආදරෙයි සුදු මැණිකට..

හිස තියන් මගෙ උකුළ මත
නුඹ හිදින් තව වෙලාවක් ටික
ඇහැරවන් මුදු හාදුවක් නළලත
තබමි හෙමිහිට පාත්වී ළැම...

කිම තවත් නොබැළුවට මා දෙස
අදුරුවන් දෙනුවන් අගින් නුඹ
රතු කරන් දෙකොපුලින් ගලන
කදුලද වටී මුතු සේම හොදටම...

වට කරන් සදවතක් අහසට
ගව් ගනන් දුර තරු කැටක් මැද
නුඹ ඉන්න දුර පවා මසිතට
නොම හැගෙයි ඒ දුරක් යැයි සිතට..."


-ස ජී-




Monday, April 14, 2014

"මතක සිත්තම්...




                                   "කාලෙකින් සවනතේ නුබේ හඩ ඇවිලුනා
 මගේ හිතේ මතකයන් ආයෙමත් ඉගිලුනා
 සතුටකුත් එකතු වී දුක්බරව හිනැහුනා
 නුබේ රුව හදවතේ ආයෙමත් ඉදිවුනා...

 සිත්තමක් රූ මවා අහස දිග යාවුනා
 තරු එලිය සදවතට ඔච්චමින් ඉගි පවා
 දම්පාට දේදුනුත් ක්ශිතිජයෙන් මතුවුනා
  සදේ එලි තුඩක කදෝපැණියන් ඉගිලුනා...

  සොදුරු මතකයට ආයෙමත් තිත තබා
 හුරු හිතට නුහුරු බව පසක් කල නුඹ පවා
 ආයෙමත් ගව් ගනන් උරුම දුක ලග තියා
 මගේ නෙත නුබේ රුව සදහටම බොද කලා..."

 -සජී-

Wednesday, April 9, 2014

"මා දකින ආදරේ...



            ""ආදරයේ සැබෑ ස්වරූපය යනු අප ආදරය කරන්නෝ අපට ආදරය නොකිරීමත්,
අපට ආදරය කරන වුන් හට අප ආදර නොකිරීමත්ය..මේ දෙකෙහි
එකතුවෙන් බිහිවන්නේ නොගැලපීම් සහිත බන්ධනයකි..ඒ බැදීම කෙරෙහි
උපදින අසීමිත චිත්ත අසහනය හමුවේ අප බොහෝ පීඩා විදිමින් බලා සිටින්නෙමු...

කෙදින හෝ යම් හෙයකින් ඉහත සුදුසුකම් දෙකම පරිපූර්ණ ප්‍රේමයක්
ඇතිවුවහොත් එය ආදරයේ අනන්තයටම යන්නේය..ඒ වනාහී ආදරයේ
අමරණීය තත්වයයි..එම ආදරයේ චේදනය වනුයේ අනන්ත වූ ප්‍රේමයකි..

හුදෙක් ශුංගාර බැදීම් පසුපස දිවයන මිනිසුන් අතර සැබෑලෙසම ආදරය
සොයා යන්නවුන් අල්පය..මන්ද දුටු පමණින් කෙනෙකුගේ සිතෙහි පහල
වන රාගික ආශාවන්ට වහල් වී ආදරය පතා දිව යෑමයි..මේ අපගේ සිතේ
ස්බාවයයි..අප කට ඇර දිව දිගුකර බලා සිටිනුයේ අපගේ සිතැගි ඉටුකර
ගැනීමේ චේතනාවෙනි..ඒ මිනිසාගේ හැගිම්ය..

රාගය සහ ආදරය යනු අන්තයන් දෙකකි..මේ අන්ත දෙකෙහි මැද
සිටින පුද්ගලයා ආදරයෙන් තෘප්ත පුද්ගලයෙකි..නමුදු එවන් පුද්ගලයින්
කෙසේ නම් සොයම්ද..බැදීමක ආරම්බය අශාවය...එය මෙවන් ආශාවක්
යැයි කියා කිව නොහැක..මන්ද අප මිනිසුන් වන බැවිනි...

-ස ජී-

Tuesday, April 8, 2014

""එනවද මා එක්ක...




"එනවද මා එක්ක දුර යන්න
 පියඹලා ආකහේ හැමතැනම
 සොයාවිත් උණුහුම් කැදැල්ලක්
 සදාගෙන අපටම වෙන්වුන...

 හැමදාම දගකරන තරුපැටව්
 රෑනක් මැදට ගෙනිහින්
 සොයමුද අපි ජීවිතේ ලගින්
 නපුරු සදවත නොමැති අහසේ...

 එන්න දැන් ඇති මට පාළුව
 විදගන්න රිසි සේ සෙනෙහස
 අපේම වූ ලෝකයක ආදරෙන්
 රැගෙන යමි නුබ ඉක්මනින්...

 කෝ කොහිද නුඹ දැන් දැන්
 අවදිවෙමි මා දුටු සිහිනයෙන්
 බලා වටපිට පිස දා ඇස් කොනින්
 අඩා වැලපෙමි දුටු මේ සිහිනයෙන්..."

-ස ජී-

Sunday, April 6, 2014

""පිං පාට ඇස් එක්ක....

                                   "මං දන්නෙ නැහැ මගෙ හිත මේ තරම් එයාව හොයන්නෙ ඇයි
කියල...මොකද එයා දැක්ක වෙලාවෙ ඉදල මගෙ හිත එයා ගාවමයි...ඒ තරම් ලස්සනක්
ඒ තරම් අහිංසක කමක් එක්ක එකට ගෑවෙච්ච ලස්සනම හිනාවක් මන් කවදාවත් දැකල
නැහැ..සත්තයි ඒ මං දැක්ක ලස්සනම ඇස් දෙක...ඔව් ඒ තරම් ලස්සනක් මං දැකල නැහැ.

"පිං පාට ඇස් එක්ක- රන් පාට සද එලියෙ
 ඇවිදින්න රහසින් කතා -සපුරාම තහනම්ද
 මේ මොහොත අද්දරට- අතුරන්න සෙවනැළි රටා..
 පිණි සීත උදුරන්න - ලගපාත දැවටෙද්දි
 දගකාර සුළගක් හමා -මේ හාදකම් මොටද
 නන්නාදුනන සුළග -කරගාව කෙහෙරැල් වටා...."



හෙමිහිට ඇවිලෙන හැගුම් අතරෙ දග කරන මගේ සිතුම් අතරෙ එයා එහා මෙහා යන්නෙ
හරියට අන්දකාර අහසෙ විදුලි කොටනවා වගේ...කියාගන්න බැරි තරම් හැගුම් පෙලක්
හිත අස්සෙ ඇවිලෙනවා...ඔයාට ඒක දැනෙනවද...?

 අද උදේම මං බස් හෝල්ට් එකට ආවෙ එයාව බලන්න කියල හිතාගෙනමයි...විනාඩියෙන්
විනාඩිය ගෙවෙන කාලය අතරෙ මගේ නොයිවසිලිවන්ත ඇස් පාර පුරාවට ඇදුනෙ එයා
එනවද කියල බලාගෙන...ඈතින් එයා එනවා..ඔව් එයා එනවා...ලස්සනට රතුම රතු පාට
සාරියක් එයා අද ඇදල...මං ඇසිපිය නොහෙලා එයා දිහා බලාගෙන හිටියා...

"හොරැහින් බලා රතුපාට සාරිය දිහා
 ආඩම්බරේ නිල් දෑසෙ දෝරේ ගලා
 කොච්චර හෙමින් ආව කාලයද මේ
 හැල්මේ දුවයි අපි දමා....."

එයා මාව දැක්කත් නොදැක්කා වගේ අහක බලාගත්තෙ චූටි අහංකාර බැල්මකුත් මං දිහා
බලලා...කමක් නෑ ඒත් මගෙ හිත පුරා බලාගන්න එයා මගෙ ඉස්සරහ ඉන්නවනෙ...
මං හිතේ හැටියට එයා දිහා බලාගෙන හිටියා...මට තේරුනා එයත් හොරෙන් හොරෙන්
මා දිහා බලනවා කියලා...ඔය ආඩම්බර නිල්පාට ඇස් දෙක අනේ මගේම වෙනවනම්...

ඔයා මගෙ වෙනවනම් මට මේ ලෝකයම ලැබුන වගේ...සත්තයි අද ඉදල මට හරියට
නින්ද යන්නෙ නැතිවෙයි...ඔව් ඔයා මගෙ හිතේ හැමතිස්සෙම හොල්මං කරද්දි මං කෝමද
හරියට ඇස් දෙක පියාගෙන නිදාගන්නෙ රත්තරන්....මේ ගෙවෙන හැම තත්පරයක් පාසා
එයා මගෙ හිතට ඇතුළු වෙන්නෙ හරියට මගෙ ලේ බිංදු ගලනවා වගේ...අදහන්න බෑ...

"විශ්වය නෙලා මා ගාව තැබුවා වගේ
 අදහන්න බෑ කිමිදෙන්නෙ රහසක් නොවේ
 බැල්මක ලියා තියයෙන පද පේලියේ
 සිරගතව මම රාත්‍රියේ......"

 -ස ජී-
(ස ජි ත්  ම දු රං ග)


Friday, April 4, 2014

""සද එබෙන්නෙපා....






"සුදු මැණික.......ම්ම්ම් කෝ මගෙ දිහා බලන්න....


 "ම්ම්ම්...ඇයි මැණික...කියන්න...

ඈ මගේ වත මත හිස තබා හිදින්නීය..ඇගේ මුහුණත මා මුහුණ හා යාවී තිබේ...
කුමන හෝ වෙලාවක මගේ අකීකරු දෙතොල් ඇගේ රෝස පැහැති දෙතොල්
පහස සොයාවීය...

මේ ආදරයේ අමරණිය වී හෝරාවයි...රෑ මැදියමේ සද නැගී හෝරාවක් පමණ ගතවීය...
නමුදු මේ අපේ ප්‍රේමණීය හෝරාවයි..අපේ ආදරයේ නොනිමි මතක පෙල අතර කිමිදෙන
හෝරාවයි...කෙදිනවත් නොවිදි තරම් පහසක් ඇගේ වතින් මා ගතට දැනෙන්නේය..
ඒ කිමද යන්න මා හට නොතේරේ...

ඈ මා හා විදි අනුස්මිත ප්‍රේමයේ තවත් එක් රැයක් පමණක් නොව මේ ගෙවී යන්නේ..
ඈ මා හා තුරුළුව හිදින්නීය...මා තවත් ඈ මා උකුළට ගතිමි..ඇගේ උණුසුම වෙනදාටත්
වඩා හැගුම්බරය..වෙනදාටත් වඩා උණුහුම්ය...මා ඇගේ දෙතොල සිප ගත්තෙමි...

නුරා හැගුමින් නූපන් වූ අසීමිත සන්තානයෙහි උපදින්නාවූ මන්දස්මිත හැගුම් එක දෙක
මා ඇගේ දෙතොල් මත තබන්නෙමි..ඈ දෙනෙත් අඩවන් කර මගේ උණුසුමේ
වෙලෙමින් මා දෙතොලග රැදි පහස විදී...මෙතෙක් සිතේ සිර කර සිටි ප්‍රේමණිය හැගුම්
එක්වරම මුදාහරින්නාක් මෙන් මා ඇගේ රත් පැහැති දෙතොල් සිප ගත්තෙමි...

සෙමෙන් මා ඇග වදින් සුළං රැලි අතර කඩුපුල් මල් සුගන්දයක් හමයි..ඇගේ වතින්
හමන්නා වූ ඒ සුමුදු සුවදින් මා මත් වී ඇති සේය...මා සිතේ ඇති සියළු දුකඛදායක
මතක පෙල නැතිවී  ගියා සේය...

ඈ සෙමෙන් අඩවන් වූ දෙනෙත් දිග හරිමින් මා දෙස බැළුවාය...අනන්ත ආදරයක්
සිතෙහි හොවාගෙන සෙමෙන් ඉස්සී මා නලලත මතට හාදුවක් තැබුවාය...ඒ ආදරයේ
උත්තරීතර සංකේතයයි..

අඩවන් දෙනෙතින් මා දෙස බලා සියුම් රත් පැහැති දෙතොලතරින් සෙමෙන් ආදරෙයි
යන වදන අසන්නට මා පෙරුම් පුරා බලා සිටිමි...ඈ එය පසක් කර ගති....

"මං ගොඩාක් ආදරෙයි මගෙ සුදු මහත්තයෝ.....

"මාත් මැණික...ඔව් මාත් ගොඩාක් ආදරෙයි මගෙ සුදුමැණිකට....

මේ ගෙවෙන්නේ සිහිනයක් නොව සැබෑවකි...ඒ අපේ ආදරයේ නොනිත් ආශාවෙන් බලා
සිටි දිනයයි...ඈ හා තනි වන්නට...රෑ මැදියමේ ඈ හා තනිව දොඩමළු වන්නට මා
පෙරුම් පුරමින් බලාසිටි දිනය මෙයයි...කෙසේ නම් කියම්ද මා හදෙ තෙරපෙන හැගුම්...

"සද එබෙන්නෙපා තරු සිදුරු වසා
 අදුරු නෙතු තාරකා හඩවා
 සත් සියක් සියපත් මතින්
 මුදු සුවද හමනා..
 මතක සුව ගෙනෙනා..

 ඔබ ලග නිසා පිං සිත පුරා
 මල් මාලතී පිපුනා
 සමසුන් අරා සිත් විල වසා
 කුමුදුත් කොදත් පිපුනා...

 ඔබ දුර නිසා ගගනත පුරා
 අසනි වැසි වැටුනා
 සිත දුක් දරා සුසුමින් වසා
 කදුළුත් හදත් හැඩුවා...."

 - ස ජී -
 (ස ජි ත්  ම දු රං ග)

""ලියමි කවි තව නුඹට විතරම...



"බක්මහේ වැහි අතර
හිත පෙගුනු පෙම් සුවද
ඉගිලිලා නුඹෙ ලගට
කව්ළුවෙන් එපිට ගිය...

 නොතේරුනු කවි අතර
වස්සාන වැහි සමය
තුරුළුව නුබෙ ළයට
තියා යන්නම නොකියාම...

කියාගන්නට නොතේරුනු මේ
දිගම දිග මගේ පෙම් කව
නුබට ඇවිදින් අහුලගන්නට
තෙමි තෙමි මේ වැස්ස මැද..

අකීකරු නෙතු මතට
වැටෙන හිරිකඩ මගෙ හිත යට
පොළව නුහුලන අකුණු සර මැද
ලියමි කවි තව නුඹට විතරම..."
-ස ජී-

Wednesday, April 2, 2014

""නුගේගොඩ ඇත වෙනස් වී.....



                                    "මං 138 බස් එකෙන් බැහැල බස් හෝල්ට් එකට මෙහායින් තියෙන
පේව්මන්ට් එකට වෙලා බලාගෙන හිටිය...එක දිගට ගුවන් පාලම දිගින් එන 138 බස් පෝලිමට
හෝල්ට් එක ලග නවත්තනවා...ඒවාගෙන් බහින මිනිස්සු අස්සෙ මං නිකමට වගේ ඇස්
යොමල බැළුවෙ එයා නිකමටවත් ඉන්නවද කියල...

කාලය කොච්චර ගෙවිල ගියත් මතකය නම් තාමත් අලුත්..ඈතින් මහ සද්දෙට හෝන් එක ගහන්
ආපු බස් එකක් දූවිල්ලත් අවුස්සගෙන හෝල්ට් එක මැද නැවැත්තුවා..මං බලන් හිටියෙ
බස් එකෙන් බහින සෙනග දිහා..

එකපාරටම මගේ ඇස් පුදුම උනේ බස් එකෙන් බැහැපු එයා නිසා... ඒ එයා කියල මගෙ හිත
කොච්චර කීවත් මගෙ ඇස් දන්නවා ඒ එයා නෙවේ කියල..හෙමින් සැරේ බස් එකෙන් බැහැපු
එයා මං හිටපු තැනට ආවා...

"excus me...plz මට කියනවද හොරණ බස් මෙතන නවත්තනවද කියල..එකපාරටම එයා අහපු
දේටවත් උත්තරයක් දීගන්න බැරිව මං එයා දිහා බලාගෙන ඉන්නවා..
ඒ ඇස් එයාගෙ ඒවා වගේමයි..මට පුදුමයි...එයා ආයෙත් මගෙන් කලින් ප්‍රශ්නෙම
අහද්දි මං පියවි ලෝකෙට ආවා...

"මොකද්ද ඔයා ඇහුවෙ...මං ඇහුවා...

"මට කියනවද මෙතන හොරණ බස් නවත්තනවද කියල....එයා තුන්වන වතාවටත් මගෙන්
ඇහුවා..

"ආ ඔව්...හොරණ බස් මෙතන නවත්තනවා..ඔයාට මෙතනින් හොරණට යන්න ඉංගිරිය බස්
එකක් ගන්නත් පුළුවන්..මං කියාගෙන ගියා...එයා තැන්‍කියු කියල ටිකක් එහාට ගියා...

"නුගේගොඩ ඇත වෙනස් වී
 මගේ මතකය තිගැස්සී
 ඔබේ මුහුනම මතක් වී
 යන්න බෑ මට හවස් වී..."

ඉස්සර මං ඔයා එනකම් බෝ සෙවන යට හිටියෙ ගොඩාක් වෙලාවට..ඔයා ඇවිත් මට කතා
කරනකම් මං බෝ සමිදු දිහා ගොඩාක් වෙලා බලාගෙන ඉන්නවා..ඒ ගෙවිච්ච කාලය අස්සෙ
තිබුනෙ ගොඩාක් සුන්දර මතකයන් පෙලක්...ඔයා එක්ක ආයෙත් යන්න හිතුවත් ඒ අතීතෙට
යන්න බැහැ..

"බෝ සෙවන ලග බලා උන්නත්
 ඔයා ආයෙත් එන්නේ නෑ
 හමුවුනත් අපි වැරදිලාවත්
 අපිට අපි ගැන මතක නෑ...."

    අපි ආයෙත් හමුවුනත් ඇත්ත ජීවිතේ තියෙන බාධක මැද අපිට එකතු වෙන්න බැරි බව
ඔයත් මමත් හොදටම දන්නවා..කැම්පස් එකෙන් එහාට ගෙවිච්ච ජීවිතේ ලග ඔයයි මායි
කොච්චරක් ලං වෙලා හිටියත් ඒ මිහිරි මතකය ආයෙත් මතක් කරන්න හිතෙන්නෙ නැත්තෙ
කොච්චර මතක් කලත් ඒ මතකය දුක්බර නිසා...ආයෙ කවදාවත් මූණට මූණ හම්බුනත්
අපි කතා නොකර ඉමු..නොදැක්කා වගේ අහක බලන් යමු..මොකද මට බෑ ආයෙත්
ඒ අතීතෙ මතක් කරල අඩන්න...

"සරසවියෙ අපි රැදී උන්නත්
 මිහිරි මතකය මතක නෑ
 කියන්නෑ මං ඔයා ගැන යලි
 කියල මට දැන් වැඩක් නෑ...."

 - ස ජී -
 (ස ජි ත්  ම දු රං ග)