"කවිකාර සුළගට අසුවී ගසාගෙන යන කවිකාරයාගේ ආදරණීය කවි පද වැල්... Walking away from you...
Monday, February 2, 2015
"පිලිගන්න පුලුවන්ද සද දෙව්දුවක් මේ හැටිම නපුරුයි කියා...
ඈත හිරු මහ සයුර මත ගිලෙන්නට ඇත්තේ තව ටික වෙලාවකි..සයුර මත වැටි සැදෑ හිරු එලිය දිලිසෙමින් වෙරළ වෙතට පරාවර්ථනය වෙමින් පවතී...මා හුදකලාවෙම වෙරළ මත හිදගෙන ඔහේ සයුර දෙස බලා සිටිමි..අදින් හරියටම මාස එක හමාරකට පමණ පෙර දිනෙක මේ සයුරු තෙරදිම මා ඈ හා සමගින් පෙමින් වෙලී සිටියෙමි...එදා අප දෙස බලා හුන් මේ මහා සමුදුර අද මා සමග විරසකව ඉන්නා සේය...
මා සාක්කුවට අත දමා ඒ තුල වූ සිගරට් පැකැට්ටුව එලියට ගෙන එයින් එකක් දල්වා ගත්තෙමි..හිස් පෙට්ටිය දිග හැර බලන විට තවත් සිගරට් තුනක් පමණක් එහි තිබූ බව දුටුවෙමි..මේ මුහුද සමග කිරීමට දිග කතාවක් තියෙන බව මා හට හැගේ...මා සිගරුට්ටුව උරා දුම් උගුරු කීපයක් නිසල අහස වෙත පා කෙරුවෙමි....
"විසල් මන් දන්නවා ඔයාට මේක දරාගන්න බැරි බව...ඒත් නිසල මන් මෙතනදි හරි අසරණයි..
"හ්ම්ම්ම්ම්ම්....මා තවත් කිසිවක් කීමට ඔමැති තැන ඔහේ කියා දැමුවෙමි..
"ඇයි විසල් හ්ම්ම්ම්ම් කියන්නෙ....ඔයාට මන් ගැන දුක හිතෙන්නෙ නැද්ද...
"හ්ම්ම්ම්ම්...දුකයි කියල මොනා කරන්නද ශලනි අඩන්න බෑනෙ...
මා එසේ පැවසුවද මසිත ඇතුලෙන් ඉකි ගසමින් හඩා වැලපෙයි....නෙතින් උණු කදුළු නොගැලුවද හදවත පසාරු කරගෙන උණු කදුළු කැට වැටෙති...
"මන් යන්නම් විසල් තවත් මෙතන මන් හිටියොත් ඔයාට තවත් හිත හදා ගන්න බැරි වෙනවා..
ප්ලීස් මාව අමතක කරන්නෙපා..ඒත් අපි දුරින් ඉමු...
මන් යනවා විසල්..හැමදාමත් සතුටින් ඉන්න..
ඇය අන්තිම වදන් කිහිපයද කියා නැගිට්ටේ යන්නට විය යුතුය...මා පියවි සිහියට එල්බ සිටීමට මහත් සේ වෙහෙසක් දැරුවෙමි...
මා සිටිනුයේ ප්‍රේමය විසින් අතැර දැමූ අන්ධකාර ලෝකයකය...ඈ විසින් සියල්ල නිම කර තිබුනි..ඇගේ වදන් මත මා තවත් පෙරලා තර්ක කිරීමට නොයන්නේ එයින් මා සිත තව තවත් පහතට වැටෙනා නිසාවෙනි...
කෙසේ හෝ ඈ සියල්ල නිම කර පසු මා හට කියන්නට කිසිවක් ඉතිරි වී නොතිබිනි..
ඈ අප වාඩි වී හුන් බංකුව මතින් නැගිට අවසාන වතාවටදෝ මා දෙස බලා සිට නික්ම ගියාය...මා කදුළින් පෙගවූ දෙනෙත් අඩවන්ව හැර ඈ යන අත ඔහේ බලා සිටියෙමි...කරන්නට කිසිත් නොමැති කල දෙනෙත කදුළු වලට පමණක් ඉඩ දී බලා සිටීම පමණකැයි මා හට සිතේ...
ටිකෙන් ටික ගණ අන්දකාරය සයුරු තෙර වසාගන්නා විට මා තවම සවස සිට වාඩි වී හුන් තැනම බංකුවේ ඉදගෙන මුහුණ දණහිස මත යොමාගෙන හඩ හඩා සිටියෙමි..අද දින සියල්ල අවසන් වී යැයි සිතේ..මේ සා කාලයක් පරෙස්සමට හිත තුල හදා වඩා ගත් කුළුදුලේ ප්‍රේමය අවසාන වී ගියාය...යන්තම් අඩ අදුරේ මා සාක්කුව අත පත ගා එයින් තවත් සිගරුට්ටුවක් එලියට ගෙන මුව තබා අවුලුවා ගතිමි..එයින් නැගෙන සුදු පැහැති දුම යාන්තමට පෙනේ....ඒ දුම මතින් මා ක්ෂණයකින් අතීතයට ගොස් හමාරය...
ශලනි...ශලනි යනු මා කුලුදුල් ප්‍රේමයයි...මීට හරියටම මාස එකහමාරකට පමණ පෙර ඈ මට හමුවනවිට ඈ මා වැඩ කල කම්පැනියෙ සහයක කළමණාකාරියකි...මා එහි නිකම්ම නිකම් ලියකියවිලි ගෙනයන පියන් කෙනෙකු වූයෙමි...කෙසේ හෝ අප අතර ප්‍රේමයක් දළුලා වැඩෙන්නට එය බාධාවක් නොවිනි...ඈ මාගෙන ප්‍රේමය ඉල්ලමින් සිටියදී හිත දැඩි කර එකත්පසෙක වී හිදියා නම් මේ තරම් දුකක් මා හට අද දින උරුම වනු නොඇත..අප තුල ඇති දැඩි වූ ප්‍රේමයට හරියටම මාසයක් ගිය තැනෙක අප ආයතනයේම කළමණාකරුවකු ශලනිගේ ප්‍රේමය දිනා ගැනිමට උත්සාහ කලාය...
අවසානයේ මා නොපැතූ විලස ඔහුට ශලනිගේ සිත දිනා ගැනීමට හැකි වූවා පමණක් නොව ඇගේ ගැහැණු කමද උදුරා ගන්නට තරම් ඔහුට හැකියාව ලැබිනි..ශලනි මුල් දින කීපයේ තිබූ අකමැත්ත පසෙකලා ඔහු සමග යහන් ගත වන විටත් මා සමග තිබූ ප්‍රේමයට අවසාන කිරීමේ තිත තබාවත් නොමැත...මීට ශලනිත් වග කිව යුතු වූවාට මගේ ප්‍රේමය අවසානයේ සියල්ලෙන්ම පරාජිත වීය..මා පරාජය බාර ගෙන නිහඩ විමි...සිතා ගන්නවත් නොහැකි මේ තරමට ඇය නපුරු වූයේ කෙලෙසකදැයි කියාය..
අද දින ශලනි මා හමුවට පැමිණ සියල්ල පවසා මා ගෙන් වෙන්වන්නට ඇවසි බව පවසා සිටිද්දීත් මා නිහඩව සිටියේ සියල්ල මා විසින් දන්නා නිසාවෙනි...ඈට සමුගැනීමට ඇවසි බව මා විසින් පසක් කර ගත්තේ අප ප්‍රේමය ඇති දැඩි වී සතියක් පමණ ගතවන තැනදීය...ඒ වන විට ඈට සමුදීමට තරම් සිතක් මා තුල නොවීය..
දැන් සියල්ල අවසන් වී හමාරය..කුළුදුලේම මා හද උපන් ප්‍රේමය මා විසින් මරා දමා උපන් ගෙහිම වළ දමා ලූයෙමි...මුව තුල වූ අවසන් සිගරට් දුම් ගුලි කිහිපයද ඇද දමමින් මා බෝඩිම වෙත ඒමට පිටත් වීයෙමි...
"රන් තාරකාවන් දිලෙ රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී...
මා දෙනෙත අඩ අදුරේ රදවා තියා
සදවතිය පාවී ගියා
පිලිගන්න පුලුවන්ද සද දෙව්දුවක්
මේ හැටිම නපුරුයි කියා...
මා උන්නෙ දොර කව්ළු හැරදා තියා
ඔබෙ සුවද ඒ යැයි කියා
නිදි නොමැති නෙත් අගට කදුලක් තියා
මුළු රෑම ගෙවිලා ගියා..."
-ස ජී-
(ස ජි ත් ම දු රං ග)
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment