Wednesday, December 24, 2014

"2023..(දෙදාස් විසි තුනේදි..)

                               
                                        +සුදු පාටින් ඇද හැලෙන ගණ හිම කැටිති වලින් තෙත බරිත කුඩයක් ඉහලගෙන අප්පුහාමි හංදියෙ සීමන්ගෙ කඩේ පැත්තට ගියේ හැන්දෑවෙ ෂැම්පේන් වඩියක් කටේ හලාගන්න...
අප්පුහාමි සීමන්ගෙ කඩේ පිල මත්තට ඉහලන් ආපු කුඩේ හේත්තු කරල කෙලින්ම කඩේ ඇතුලට ගියේ A/C එක ඇතුලෙ ගැහි ගැහී උන්නු සීමන් දිහා බලාගෙනමයි..

"ආ අප්පුහාමි....මොකෝ අද පයින්ම...කෝ අලුතෙන් ගත්ත ලැම්බොර්ගිනිය..

"ආ ඒක ගෙදර දාල ආව මුදලාලි...මේ වැස්සෙ ඒක එලියට ගත්තොත් මඩ ගෑවෙනවා මුදලාලි...
මුදලාලි මට දාන්නකො හොද නොම්මර එකේ ෂැම්පේන් වඩියක්..

"ආ..ඉදා ගනින් කියා...සීමන් මුදලාලි ලග තිබූ ෂැම්පේන් මැශිම තුලින් අලුතෙන්ම සීල් නොකැඩූ
ෂැම්පේන් ටින් එකක් රැගෙන අප්පුහාමිට දිගු කලේය...

"ඒක නෙවෙයි මුදලාලි...කොහොමද රටේ අලුත් තොරතුරු...
අපේ ගෙදර මායියා ටෙලිවිසන් එක උන්දැගෙ කුස්සියෙ හයි කොරන්...ඉතින් මට හදිස්සියකටවත් පරවුර්තියක් බලන්නවත් එකක් නෑනෙ...

"ඉදා බලපන්කො...
සීමන් මුදලාලි දවස පතා කඩයට ගෙනෙන "දවසේ පචය" පුවත් පත අප්පු හාමි දෙසට විසි කලාය...

"ආ මොනවද බලමු තියෙන්නෙ මේකෙ...අප්පුහාමි පත්තරේ සිරස්තලය දැක ඇස් දෙක උඩ හින්දීය...
සමුර්දි සහනාධාර හිමියන්ට වාහන බලපත්‍ර ලබන මස සිට...
විශ්වවිද්යාල සිසුවන්ගේ මහපොළ දීමනාව ලබන වසරේ සිට රු පනස්දහස  දක්වා ඉහලට..

"හප්පුච්චියේ...එහෙනම් අපිටත් ලගදිම අලුත් පෙරාරිය ගත්තැහැකි එහෙනම්...
කොල්ලටත් හොදයි...පනස්දාහක් දෙනවැයි කියන්නෙ..

"එකෙන්ම එකෙන්ම අප්පුහාමි...බඩු මිලත් හිටු කියල අඩු කරනවලුයි කියන්නෙ..
පැට්ටෝල් ඩීසල් රු 300යි සත 5 න් අඩු කරනවලු..එතකොට රු සත 5ට පැට්ටෝල් ගනන් බහී නොවැ...

"එහෙනම්...
එවිටම වාගේ අලුත්ම අලුත් බෙන්ස් වර්ගයේ සුපිරි මෝටර් රතයක් විත් කඩය ඉදිරි පිට නවතන ලදි...තවම දිස්නෙ දෙමින් පැවති එහි ටයර වල දූවිලි පොදක් වත් තැවරී තිබුනේ නැත...ඉදිරිපස බොනට්ටුවේ නිල් පාට අකුරින් ලොකුවට "අහවල් චින්තනය යටතේ ප්‍රධානය කරන ලදි..."
කියල ලොකුවට ගහල...

"ආ....අප්පුහාමි...
මෝටර් රතයෙන් බැස්ස පුදගලයා කව්ද කියාවත් හැදිනීමට පෙර කඩේ ඇතුලේ සිටි අප්පුහාමිගේ නම කියා කතා කෙරීය...

"අප්පදබොල මේ අපේ ගිරාම සේවක මහත්තයනෙ...අපි මේ බැලුවෙ කව්ද අප්පේ මේ ආවෙ කියල..අලුතෙන්ම හම්බුනාද..නැතනම් කොමිස් පාරක්වත් වැදුනද...කඩේ සිට එලියට ආ අප්පුහාමි විමසීය..

"චිකේ අප්පුහාමි මේ වගේ පොඩි දෙයක් කොමිස් වලින් ගහල වැඩක්යැ..මේක මේ අපේ ලොක්කා අපි කරන සාධාරණ සේවය දිහා බලල ඊලග ඡන්දෙ ලග හින්දා අපට දීපු පුංචි තෑග්ගක්...

"ආන් ඒක මිසක්...කඩේ ඇතුලෙ සිට මුදලාලිද අපේ කතාවට හවුල් විය...

"මුදලාලි දැන් ඉතින් බඩු මිල වැඩී කියල කෑගන්න දෙයක් නෑ ඕන්...මේ පාර අයවැයෙන් සේරෝම අඩු කරනව කියල ආරංචි...

"අම්මපා මහත්තයෝ...අනේ වාසනාවන්...රු 12500ට හාල් කතහැකි එහෙනම්...

"එහෙම තමයි අපෙ ලොක්කගෙ වැඩ...ඔය සේරමත් හරි යුද්ධෙත් හරි...රටේ හිටපු ඇමරිකන් රුසියන් කාරයන් එහෙම පිටින්ම අතුගාල දාල යුද්දෙ දින්නනෙ..

"එකෙන්ම මහත්තයෝ එකෙන්ම...

"දැන් බලන්නකො මහත්තයෝ මේ අපේ වගේ රටක් මුළු ආසියාවටම තියෙනවද කියලා...
මට අපේ මේ කොල්ලා කියනවා ඇහුනා ලගදි හදට රොකොට්ටුවකුත් අරිනවා කියලා...

"එහෙනන් අප්පුහාමි...
*************************************


"මිනිහෝ නැගිටිනවා...නැගිටලා ගිහින් මේ පොඩි උන්ට උදේට කාල යන්න පාන් රාත්තලක් ගේනවා...
උදේ පාන්දර හීතලට වකුටු වී බූරු ඇදට වී සරන් කඩමාල්ල පොරවාගත් අප්පුහාමිගේ කණ ලගින් ඇසුනු සද්දයට අප්පුහාමි ඇදත් කඩාගෙන බිමට වැටිනි...

"ආ....මේන් අරන් එනවා ඉතින්..හාමිනේ පන් මල්ල දික්කරද්දී අප්පු හාමි නිදිමතෙන් බූරු ඇදෙන් බිමට බැසීය....

-ස ජී-






No comments:

Post a Comment