Monday, February 2, 2015

"පිලිගන්න පුලුවන්ද සද දෙව්දුවක් මේ හැටිම නපුරුයි කියා...

                                       
                                       ඈත හිරු මහ සයුර මත ගිලෙන්නට ඇත්තේ තව ටික වෙලාවකි..සයුර මත වැටි සැදෑ හිරු එලිය දිලිසෙමින් වෙරළ වෙතට පරාවර්ථනය වෙමින් පවතී...මා හුදකලාවෙම වෙරළ මත හිදගෙන ඔහේ සයුර දෙස බලා සිටිමි..අදින් හරියටම මාස එක හමාරකට පමණ පෙර දිනෙක මේ සයුරු තෙරදිම මා ඈ හා සමගින් පෙමින් වෙලී සිටියෙමි...එදා අප දෙස බලා හුන් මේ මහා සමුදුර අද මා සමග විරසකව ඉන්නා සේය...

මා සාක්කුවට අත දමා ඒ තුල වූ සිගරට් පැකැට්ටුව එලියට ගෙන එයින් එකක් දල්වා ගත්තෙමි..හිස් පෙට්ටිය දිග හැර බලන විට තවත් සිගරට් තුනක් පමණක් එහි තිබූ බව දුටුවෙමි..මේ මුහුද සමග කිරීමට දිග කතාවක් තියෙන බව මා හට හැගේ...මා සිගරුට්ටුව උරා දුම් උගුරු කීපයක් නිසල අහස වෙත පා කෙරුවෙමි....

"විසල් මන් දන්නවා ඔයාට මේක දරාගන්න බැරි බව...ඒත් නිසල මන් මෙතනදි හරි අසරණයි..

"හ්ම්ම්ම්ම්ම්....මා තවත් කිසිවක් කීමට ඔමැති තැන ඔහේ කියා දැමුවෙමි..

"ඇයි විසල් හ්ම්ම්ම්ම් කියන්නෙ....ඔයාට මන් ගැන දුක හිතෙන්නෙ නැද්ද...

"හ්ම්ම්ම්ම්...දුකයි කියල මොනා කරන්නද ශලනි අඩන්න බෑනෙ...
මා එසේ පැවසුවද මසිත ඇතුලෙන් ඉකි ගසමින් හඩා වැලපෙයි....නෙතින් උණු කදුළු නොගැලුවද හදවත පසාරු කරගෙන උණු කදුළු කැට වැටෙති...

"මන් යන්නම් විසල් තවත් මෙතන මන් හිටියොත් ඔයාට තවත් හිත හදා ගන්න බැරි වෙනවා..
ප්ලීස් මාව අමතක කරන්නෙපා..ඒත් අපි දුරින් ඉමු...

මන් යනවා විසල්..හැමදාමත් සතුටින් ඉන්න..
ඇය අන්තිම වදන් කිහිපයද කියා නැගිට්ටේ යන්නට විය යුතුය...මා පියවි සිහියට එල්බ සිටීමට මහත් සේ වෙහෙසක් දැරුවෙමි...

මා සිටිනුයේ ප්‍රේමය විසින් අතැර දැමූ අන්ධකාර ලෝකයකය...ඈ විසින් සියල්ල නිම කර තිබුනි..ඇගේ වදන් මත මා තවත් පෙරලා තර්ක කිරීමට නොයන්නේ එයින් මා සිත තව තවත් පහතට වැටෙනා නිසාවෙනි...
කෙසේ හෝ ඈ සියල්ල නිම කර පසු මා හට කියන්නට කිසිවක් ඉතිරි වී නොතිබිනි..

ඈ අප වාඩි වී හුන් බංකුව මතින් නැගිට අවසාන වතාවටදෝ මා දෙස බලා සිට නික්ම ගියාය...මා කදුළින් පෙගවූ දෙනෙත් අඩවන්ව හැර ඈ යන අත ඔහේ බලා සිටියෙමි...කරන්නට කිසිත් නොමැති කල දෙනෙත කදුළු වලට පමණක් ඉඩ දී බලා සිටීම පමණකැයි මා හට සිතේ...

ටිකෙන් ටික ගණ අන්දකාරය සයුරු තෙර වසාගන්නා විට මා තවම සවස සිට වාඩි වී හුන් තැනම බංකුවේ ඉදගෙන මුහුණ දණහිස මත යොමාගෙන හඩ හඩා සිටියෙමි..අද දින සියල්ල අවසන් වී යැයි සිතේ..මේ සා කාලයක් පරෙස්සමට හිත තුල හදා වඩා ගත් කුළුදුලේ ප්‍රේමය  අවසාන වී ගියාය...යන්තම් අඩ අදුරේ මා සාක්කුව අත පත ගා එයින් තවත් සිගරුට්ටුවක් එලියට ගෙන මුව තබා අවුලුවා ගතිමි..එයින් නැගෙන සුදු පැහැති දුම යාන්තමට පෙනේ....ඒ දුම මතින් මා ක්ෂණයකින් අතීතයට ගොස් හමාරය...

ශලනි...ශලනි යනු මා කුලුදුල් ප්‍රේමයයි...මීට හරියටම මාස එකහමාරකට පමණ  පෙර ඈ මට හමුවනවිට ඈ මා වැඩ කල කම්පැනියෙ සහයක කළමණාකාරියකි...මා එහි නිකම්ම නිකම් ලියකියවිලි ගෙනයන පියන් කෙනෙකු වූයෙමි...කෙසේ හෝ අප අතර ප්‍රේමයක් දළුලා වැඩෙන්නට එය බාධාවක් නොවිනි...ඈ මාගෙන ප්‍රේමය ඉල්ලමින් සිටියදී හිත දැඩි කර එකත්පසෙක වී හිදියා නම් මේ තරම් දුකක් මා හට අද දින උරුම වනු නොඇත..අප තුල ඇති දැඩි වූ ප්‍රේමයට හරියටම මාසයක් ගිය තැනෙක අප ආයතනයේම කළමණාකරුවකු ශලනිගේ ප්‍රේමය දිනා ගැනිමට උත්සාහ කලාය...

අවසානයේ මා නොපැතූ විලස ඔහුට ශලනිගේ සිත දිනා ගැනීමට හැකි වූවා පමණක් නොව ඇගේ ගැහැණු කමද උදුරා ගන්නට තරම් ඔහුට හැකියාව ලැබිනි..ශලනි මුල් දින කීපයේ තිබූ අකමැත්ත පසෙකලා ඔහු සමග යහන් ගත වන විටත් මා සමග තිබූ ප්‍රේමයට අවසාන කිරීමේ තිත තබාවත් නොමැත...මීට ශලනිත් වග කිව යුතු වූවාට මගේ ප්‍රේමය අවසානයේ සියල්ලෙන්ම පරාජිත වීය..මා පරාජය බාර ගෙන නිහඩ විමි...සිතා ගන්නවත් නොහැකි මේ තරමට ඇය නපුරු වූයේ කෙලෙසකදැයි කියාය..

අද දින ශලනි මා හමුවට පැමිණ සියල්ල පවසා මා ගෙන් වෙන්වන්නට ඇවසි බව පවසා සිටිද්දීත් මා නිහඩව සිටියේ සියල්ල මා විසින් දන්නා නිසාවෙනි...ඈට සමුගැනීමට ඇවසි බව මා විසින් පසක් කර ගත්තේ අප ප්‍රේමය ඇති දැඩි වී සතියක් පමණ ගතවන තැනදීය...ඒ වන විට ඈට සමුදීමට තරම් සිතක් මා තුල නොවීය..
දැන් සියල්ල අවසන් වී හමාරය..කුළුදුලේම මා හද උපන් ප්‍රේමය මා විසින් මරා දමා උපන් ගෙහිම වළ දමා ලූයෙමි...මුව තුල වූ අවසන් සිගරට් දුම් ගුලි කිහිපයද ඇද දමමින් මා බෝඩිම වෙත ඒමට පිටත් වීයෙමි...

"රන් තාරකාවන් දිලෙ රැයේ
 සේපාලිකාවන් පිපෙන පැයේ
 හදවතට ලංවෙන්න කාටත් හොරා
 සිහිනයක දැවටී වෙලී...

 මා දෙනෙත අඩ අදුරේ රදවා තියා
 සදවතිය පාවී ගියා
 පිලිගන්න පුලුවන්ද සද දෙව්දුවක්
 මේ හැටිම නපුරුයි කියා...

 මා උන්නෙ දොර කව්ළු හැරදා තියා
 ඔබෙ සුවද ඒ යැයි කියා
 නිදි නොමැති නෙත් අගට කදුලක් තියා
 මුළු රෑම ගෙවිලා ගියා..."

 -ස ජී-
(ස ජි ත්  ම දු රං ග)







Wednesday, December 24, 2014

"2023..(දෙදාස් විසි තුනේදි..)

                               
                                        +සුදු පාටින් ඇද හැලෙන ගණ හිම කැටිති වලින් තෙත බරිත කුඩයක් ඉහලගෙන අප්පුහාමි හංදියෙ සීමන්ගෙ කඩේ පැත්තට ගියේ හැන්දෑවෙ ෂැම්පේන් වඩියක් කටේ හලාගන්න...
අප්පුහාමි සීමන්ගෙ කඩේ පිල මත්තට ඉහලන් ආපු කුඩේ හේත්තු කරල කෙලින්ම කඩේ ඇතුලට ගියේ A/C එක ඇතුලෙ ගැහි ගැහී උන්නු සීමන් දිහා බලාගෙනමයි..

"ආ අප්පුහාමි....මොකෝ අද පයින්ම...කෝ අලුතෙන් ගත්ත ලැම්බොර්ගිනිය..

"ආ ඒක ගෙදර දාල ආව මුදලාලි...මේ වැස්සෙ ඒක එලියට ගත්තොත් මඩ ගෑවෙනවා මුදලාලි...
මුදලාලි මට දාන්නකො හොද නොම්මර එකේ ෂැම්පේන් වඩියක්..

"ආ..ඉදා ගනින් කියා...සීමන් මුදලාලි ලග තිබූ ෂැම්පේන් මැශිම තුලින් අලුතෙන්ම සීල් නොකැඩූ
ෂැම්පේන් ටින් එකක් රැගෙන අප්පුහාමිට දිගු කලේය...

"ඒක නෙවෙයි මුදලාලි...කොහොමද රටේ අලුත් තොරතුරු...
අපේ ගෙදර මායියා ටෙලිවිසන් එක උන්දැගෙ කුස්සියෙ හයි කොරන්...ඉතින් මට හදිස්සියකටවත් පරවුර්තියක් බලන්නවත් එකක් නෑනෙ...

"ඉදා බලපන්කො...
සීමන් මුදලාලි දවස පතා කඩයට ගෙනෙන "දවසේ පචය" පුවත් පත අප්පු හාමි දෙසට විසි කලාය...

"ආ මොනවද බලමු තියෙන්නෙ මේකෙ...අප්පුහාමි පත්තරේ සිරස්තලය දැක ඇස් දෙක උඩ හින්දීය...
සමුර්දි සහනාධාර හිමියන්ට වාහන බලපත්‍ර ලබන මස සිට...
විශ්වවිද්යාල සිසුවන්ගේ මහපොළ දීමනාව ලබන වසරේ සිට රු පනස්දහස  දක්වා ඉහලට..

"හප්පුච්චියේ...එහෙනම් අපිටත් ලගදිම අලුත් පෙරාරිය ගත්තැහැකි එහෙනම්...
කොල්ලටත් හොදයි...පනස්දාහක් දෙනවැයි කියන්නෙ..

"එකෙන්ම එකෙන්ම අප්පුහාමි...බඩු මිලත් හිටු කියල අඩු කරනවලුයි කියන්නෙ..
පැට්ටෝල් ඩීසල් රු 300යි සත 5 න් අඩු කරනවලු..එතකොට රු සත 5ට පැට්ටෝල් ගනන් බහී නොවැ...

"එහෙනම්...
එවිටම වාගේ අලුත්ම අලුත් බෙන්ස් වර්ගයේ සුපිරි මෝටර් රතයක් විත් කඩය ඉදිරි පිට නවතන ලදි...තවම දිස්නෙ දෙමින් පැවති එහි ටයර වල දූවිලි පොදක් වත් තැවරී තිබුනේ නැත...ඉදිරිපස බොනට්ටුවේ නිල් පාට අකුරින් ලොකුවට "අහවල් චින්තනය යටතේ ප්‍රධානය කරන ලදි..."
කියල ලොකුවට ගහල...

"ආ....අප්පුහාමි...
මෝටර් රතයෙන් බැස්ස පුදගලයා කව්ද කියාවත් හැදිනීමට පෙර කඩේ ඇතුලේ සිටි අප්පුහාමිගේ නම කියා කතා කෙරීය...

"අප්පදබොල මේ අපේ ගිරාම සේවක මහත්තයනෙ...අපි මේ බැලුවෙ කව්ද අප්පේ මේ ආවෙ කියල..අලුතෙන්ම හම්බුනාද..නැතනම් කොමිස් පාරක්වත් වැදුනද...කඩේ සිට එලියට ආ අප්පුහාමි විමසීය..

"චිකේ අප්පුහාමි මේ වගේ පොඩි දෙයක් කොමිස් වලින් ගහල වැඩක්යැ..මේක මේ අපේ ලොක්කා අපි කරන සාධාරණ සේවය දිහා බලල ඊලග ඡන්දෙ ලග හින්දා අපට දීපු පුංචි තෑග්ගක්...

"ආන් ඒක මිසක්...කඩේ ඇතුලෙ සිට මුදලාලිද අපේ කතාවට හවුල් විය...

"මුදලාලි දැන් ඉතින් බඩු මිල වැඩී කියල කෑගන්න දෙයක් නෑ ඕන්...මේ පාර අයවැයෙන් සේරෝම අඩු කරනව කියල ආරංචි...

"අම්මපා මහත්තයෝ...අනේ වාසනාවන්...රු 12500ට හාල් කතහැකි එහෙනම්...

"එහෙම තමයි අපෙ ලොක්කගෙ වැඩ...ඔය සේරමත් හරි යුද්ධෙත් හරි...රටේ හිටපු ඇමරිකන් රුසියන් කාරයන් එහෙම පිටින්ම අතුගාල දාල යුද්දෙ දින්නනෙ..

"එකෙන්ම මහත්තයෝ එකෙන්ම...

"දැන් බලන්නකො මහත්තයෝ මේ අපේ වගේ රටක් මුළු ආසියාවටම තියෙනවද කියලා...
මට අපේ මේ කොල්ලා කියනවා ඇහුනා ලගදි හදට රොකොට්ටුවකුත් අරිනවා කියලා...

"එහෙනන් අප්පුහාමි...
*************************************


"මිනිහෝ නැගිටිනවා...නැගිටලා ගිහින් මේ පොඩි උන්ට උදේට කාල යන්න පාන් රාත්තලක් ගේනවා...
උදේ පාන්දර හීතලට වකුටු වී බූරු ඇදට වී සරන් කඩමාල්ල පොරවාගත් අප්පුහාමිගේ කණ ලගින් ඇසුනු සද්දයට අප්පුහාමි ඇදත් කඩාගෙන බිමට වැටිනි...

"ආ....මේන් අරන් එනවා ඉතින්..හාමිනේ පන් මල්ල දික්කරද්දී අප්පු හාමි නිදිමතෙන් බූරු ඇදෙන් බිමට බැසීය....

-ස ජී-