"මම තවත් ගොළුවෙලා බලාගෙන නුබ දිහා
හිත පුරා තනිවෙලා නුඹත් නැතිවම බැරිවෙලා
තවත් ඉවසනු බැරිව තනිකම උණු කදුළු නෙතු සලා
ගලා යයි නෙතු කව්ළු මහ හඩින් හඩ තලා...
කිම මෙලෙස නුඹ ඉන්න ඉසව්වට පෙම් පාට
අහස දිග මළානික සදවතක රැස් හඩන
පුර පෝය ගෙවී ගිය අද රෑට තුන් මාස
ගතවුනා නොදැනීම නුඹ ගොහින් අමාවක...
අපි අපේ වෙලා හුන් කාලයක් තිබුනාද
ඇයි මෙලෙස නිදාගෙන ඇහැරින්නෙ නැතුවාද
මට දැනෙන පාලුවට රැහැයියන් හඩ ගාන
මා දමා පාළුවට නුඹ ගියා පෙරදාක...
නුබෙ සුවද ගත පිරුනු කාමරේ මම තනිව
පෙර දිනෙක අපි හිටිය කව්ළුවට සද එලිය
ආයෙමත් නෑවිදින් ඉන්න බව දැන දැනම
බලාගෙන මම හිටියා දෙවැට දිග මහ පාර...
අදුර අතරින් ගලන සරාසද කිරණ යට
නුඹ හිදී නෙතු පියා මා දෙසත් බල බලා
අද රෑට සොහොන ලග මැටි පහන් දල්වලා
පතමි මම නුබෙ වෙන්න මතුදාක හිනැහිලා..."
-ස ජී-
හිත පුරා තනිවෙලා නුඹත් නැතිවම බැරිවෙලා
තවත් ඉවසනු බැරිව තනිකම උණු කදුළු නෙතු සලා
ගලා යයි නෙතු කව්ළු මහ හඩින් හඩ තලා...
කිම මෙලෙස නුඹ ඉන්න ඉසව්වට පෙම් පාට
අහස දිග මළානික සදවතක රැස් හඩන
පුර පෝය ගෙවී ගිය අද රෑට තුන් මාස
ගතවුනා නොදැනීම නුඹ ගොහින් අමාවක...
අපි අපේ වෙලා හුන් කාලයක් තිබුනාද
ඇයි මෙලෙස නිදාගෙන ඇහැරින්නෙ නැතුවාද
මට දැනෙන පාලුවට රැහැයියන් හඩ ගාන
මා දමා පාළුවට නුඹ ගියා පෙරදාක...
නුබෙ සුවද ගත පිරුනු කාමරේ මම තනිව
පෙර දිනෙක අපි හිටිය කව්ළුවට සද එලිය
ආයෙමත් නෑවිදින් ඉන්න බව දැන දැනම
බලාගෙන මම හිටියා දෙවැට දිග මහ පාර...
අදුර අතරින් ගලන සරාසද කිරණ යට
නුඹ හිදී නෙතු පියා මා දෙසත් බල බලා
අද රෑට සොහොන ලග මැටි පහන් දල්වලා
පතමි මම නුබෙ වෙන්න මතුදාක හිනැහිලා..."
-ස ජී-
No comments:
Post a Comment